පාර්ලිමේන්තුවේදී හැමෝටම වාගේ චෝදනා මුඛයෙන් කතා කළ කෙනෙකු ගුවන් තොටුපොළෙන් යන්න ගියාම නොයෙකුත් හේතූ නිසා ගමන අවහිර තියෙනවා. හැබැයි අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් කාරුණික වෙලා ඒ අයට යන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන්. අපි අපිම ඇන කොටාගෙන, අපිම නැතිවෙන යුගය අපි නවත්තන්න ඕනෑ යනුවෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
අද අධිකරණයේ ස්වාධීනත්වය ඇති කර තියෙනවා. රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ තමයි ඉස්සෙල්ලාම රජයේ අගමැතිවරයෙකුට විරුද්ධව තහනම් නියෝගයක් නිකුත් කළ ආණ්ඩුවක් මේ රටේ ඇති වුණේ. ඒ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාට විරුද්ධවයි.
( විඩියෝ ළහිරු හර්ෂණ)

