'ආණ්ඩුවෙන් ඉවත් වුණු 16 නැවත එනවානම් ඔවුන් වෙනුවෙන් සටන් කරනවා‘


(සුජිත් හේවාජුලිගේ සහ ඡායාරූප - චතුර එස් කොඩිකාර)

‘ආණ්ඩුවෙන්  ඉවත් වු අපේ 16 දෙනාට ආපහු ඇමැතිකම් දෙන්න ඕනි. ආණ්ඩුවට නැවත එනවානම් අප ඒ අය වෙනුවෙන්  සටන් වදින්න සුදානම් ‘යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

කොළඹ 10, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (25) පැවැති රැස්වීමේදී  අමාත්‍යවරයා මේ බව පැවසීය.

මධ්‍යම කාරක සභා රැස්වීමේදී  විපක්ෂයට යාමක් ගැන සාකච්ඡා කළේ නැහැ. අපේ 39 දෙනාම ඉන්නේ ජනාධිපතිතුමා එක්ක එකට ගමන් කළ යුතුයි කියන මතයයි. අපේ ඇමැතිවරු 16 දෙනෙක්  ආණ්ඩුවෙන් ඉවත් වුණා.

නැවත ආණ්ඩුව සම්බන්ධවීමට  ඒ අයට අවස්ථාව උදා කර දිය යුතුයි. එනවානම් අපි ඒ අය  වෙනුවෙන් සටන් වදිනවා.‘ යනුවෙන් පැවසීය.