''පගාව දෙන්න සල්ලි ගත්තේ බැංකුවෙන්''


රේගු නිලධරයින්ට අල්ලස් ලෙස ලබාදීමට අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම මුදල් සොයාගත්තේ තමාගේ නමින් රාජ්‍ය බැංකුවකින් ලබාගත් නිවාස ණයක් ආධාරයෙන් බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩිල්රුක්ෂි ඩයස් මෙනෙවිය අද (16) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

බැංකු නිලධරයින්ද තමා කෙරෙහි විශ්වාසය තබා එම මුදල ලබාදුන් බවත් කිසිවෙකුට නොහැගෙන සේ සූක්ෂ්මව සැළසුම කි‍්‍රයාවට නංවා වැටළීම සිදුකළ  බවත් ඇය කීවාය.

අල්ලස් ගැනීමට තැත් කරන සියලූ රාජ්‍ය නිලධරයින් මෙම සිදුවීම ආදර්ශයට ගෙන ඔවුන්ගේ පිළිවෙත් වෙනස් කරගත යුතුව ඇතැයි ඩයස් මෙනෙවිය අනතුරු ඇගවූවාය.

රාජ්‍ය කොමිසම් සභාව මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට පූර්ණ සහය ලබාදුන් බවද ඇය පැවසුවාය.