මොරටුව මහනගර සභාවේ නිල කාලය බ‍්‍රහස්පතින්දා මැදියම් රැයේ අවසන් බව බවට ලැබුණු තොරතුරු අනුව තම පෞද්ගලික රූපවාහිනියත්,සාකච්ඡා මේසයත් බ‍්‍රහස්පතින්දා ඉවත්කර ගත් බව පුරපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතා කියයි.
ඒ අතර තම පෞද්ගලික මුදලින් එහි තැන්පත් කළ බුදු පිළිමයද ගෙදර ගෙන ගිය බව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා පවසයි.
දෙදෙනාම කියනුයේ තම නිල වාහනද භාරදුන් බවයි.එසේ භාරදී පෞද්ගලික දේ එක්රැස් කරගත් බවයි.
එහෙත් අද උදැෑසන දෙදෙනාම කියා සිටියේ නගරසභාවේ ආයු කාලය දික්වනවාද නැද්ද යන්න ගැන නොදන්නා බවයි.




