හොර බෙහෙත් ගෙන්වූයැයි 10 දෙනකුට චෝදනා


(ඉන්දිකා රාමනායක)

පෞද්ගලික සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ආනයනය කළැයි කියන  සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 10 දෙනකු වග උත්තරකරුවන් කරමින්  බරපතල  වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම අද (21) චෝදනා පත‍්‍ර බාරදුන් බව එම කොමිසම කියයි.

දේශිය නිෂාදකයින්ගෙන් ලබා ගන්නා මුවාවෙන් බෙටඩින් නොහොත් රෙලොඩින් (Reloading)  නමින් ප‍්‍රමිතියෙන් තොර එම ඖෂධය මෙරටට ගෙන්වා රජයට රුපියල්  රුපියල් දෙකෝටි හැත්තෑ නව ලක්ෂයක අලාභයක් සිදු කළැයි එම චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

මෙලෙස චෝදනා පත‍්‍ර බාරදුන් පිරිස වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හරිෂ ද සිල්වා,  ඖෂධ නියාමන අධිකාරි   ප‍්‍රධාන විධායක නිලධාරි  වෛද්‍ය කමල් ජයසිංහ, බරවා රෝග මර්ධන ව්‍යාපාරයේ  අධ්‍යක්ෂිකා  වෛද්‍ය  දේවිකා  මෙන්ඩිස්,  වෛද්‍ය සැපයුම් අංශයේ   ප‍්‍රධාන ගණකාධිකාරි කරුණාසීලි ෆොන්සේකා, වෛද්‍ය සැපයුම් අංශයේ  ඹෟෂධවේදීන් වන  නිමලසිරි බණ්ඩාර ,මහින්ද සිරිකුමාර,  කි‍්‍රෂාන්ත ගෝපි,  අනුජ කුරුප්පු ,  මෙඩිකොම් පුද්ගලික සමාගමේ සභාපති  වෛද්‍ය ලෝලිත සමරවික‍්‍රම,  මෙහෙයුම්  කළමනාකාර දිලීප මාරපන යන මහත්ම මහත්මීන් බව එම කොමිසමේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තර කරුවන්ට එරෙහිව සාක්කිකරුවන් 33 දෙනකු  දිව්රුම් ප‍්‍රකාශ මගින්  සාක්කි යොමුකර තිබු බවද කොමිසම පවසයි.

2013 - 2015 අතර කාලය තුළ  මෙඩිකොම්  පුද්ගලික සමාගම ඉන්දියාව හා චීනය යන රටවල් වලින් මෙම ප‍්‍රමිතියෙන් තොර   ගෙන්වා ඇතැයි එම කොමිසම පවසයි.

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම ඖධෂය රෝගීන්ට ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් තිබියදී  ඒවා භාවිතයෙන් ඉවත් කිරීම වෙනුවට එම සියලූ ඖෂධ  වෛද්‍ය සැපයුම් අංශය විසින් මිලදී ගෙන නැවත රෝහල් වෙත මුදා හැරීමෙන් මෙම වංචාව සිදුව ඇති බවට වෛද්‍ය සැයපුම් අංශයෙන් ලැබුණ නිර්නාමික පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ  කළ බව  කොමිසම පවසයි.

මෙම පෙත්සම අනුව කොමිසම වසරක පමණ කාලයක් කරන ලද පරීක්ෂණයෙන් මෙම අක‍්‍රමිකාව පිළිබඳ තොරතුරු හෙළිකර ගෙන ඇත.

මෙම ඹෟෂධය  ශල්‍ය වෛද්‍යවරුන් සැත්කම් කිරීමේ දී  විෂබීජ නාශකයක් වශයෙන්   භාවිතා කරන  බවත් කොමිසම කියයි.

වග උත්තර කරුවන් 10 දෙනා අද ප‍්‍රථම වතාවට කොමිසම හමුවට කැඳවා සිතාසි බාර දුන් බවත්  මෙම පැමිණිලි  විභාගය සදහා  ලබන අගෝස්තු 24 වැනිදා  කොමිසම හමුවේ පෙනී  සිටින්නැයි දැන්වූ බවත් කොමිසම  වැඩිදුරටත් පවසයි.