IMG-LOGO

මාතරට විදෙස් රැකියා පොළක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන රැකියා පොළ වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.

එම රැකියා පොළ ජූලි 19  පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා මාතර, ශාන්ත සර්වේශස් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම රැකියා පොල වැඩසටහනේදී තරුණ තරුණියන්ට විදේශ රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන අතර, එදින සහභාගී වන විදේශ රැකියා අපේක්ෂකයින් කාර්යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචි කරගැනීමද සිදුකරනු ලබයි. 

ඊට අමතරව ශ්‍රී ලංකා රජය, ජපානය, ඊශ්‍රායල් හා දකුණු කොරියානු රජයන් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් අනුව ලබාදෙනු ලබන විදේශ රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමද මෙහිදී සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 25 ක් මේ සඳහා සහභාගිවන අතර, එම ආයතන වෙත ලැබී ඇති විදේශ රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු ලබාගැනීමට, ඒ සඳහා අයදුම් කිරීමට හා රැකියා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙහිදී රැකියා සඳහා සෘජු බඳවාගැනීම් සිදුකිරීමට නියමිතය.

එසේම හෝටල් පාසල, NAITA, VTA වැනි ආයතනද මේ සඳහා සහභාගී වන අතර, එමගින් විදේශ රැකියා වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් පවතින රැකියාවලට අදාළ වෘත්තිය පුහුණු සඳහා බඳවාගැනීමද සිදුකෙරේ.

මීට අමතරව ස්වයං රැකියා කරන විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අලෙවි පොලක්ද මෙම පරිශ්‍රය තුළ පැවැත්වෙන අතර, එහිදී පහසු මිලට භාණ්ඩ මිළදී ගැනීමට අවස්ථාව සලසා ඇත.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දකුණු පළාත් කාර්යාලය හා අලෙවිකරණ අංශය එක්ව මෙම රැකියා පොල වැඩසටහන සංවිධානය කර ඇත.ඉදිරියේදී අනෙකුත් පළාත්වලද මෙම වැඩසටහන පැවැත්වීමට කාර්යාංශය අපේක්ෂා කරයි.



අදහස් (1)

මාතරට විදෙස් රැකියා පොළක්

sene Wednesday, 16 July 2025 04:01 PM

එකම විදේශ ආදායම හැකි පමන රට යැවීමද ? අර උප ඇමතිවරයකු හොටු පෙරාගෙන ඇන්ඩුවේ මීට විරුද්ධව නේද? පොරොන්දූ දුන් පරිදි කෝ රට තුළ රැකියා උත්පාදනය...!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 135 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 347 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site