IMG-LOGO

පුංචි සභා පනහක වැඩ කොටඋඩ



(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය පවත්වා අදට මාස දෙකකට වැඩි කාලයක්  ගොස් ඇතත් පළාත් පාලන ආයතන පනහක පමණ බලය  විවිධ හේතු මත තවමත් පිහිටුවීමට හැකිවී නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා  හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න  මහතා පැවසීය.

මේ හේතුවෙන් එම සභාවලට තවමත් ජනතා සේවා කටයුතු  ආරම්භ කිරීමට නොහැකිව පවතින්නේය.

සභා රැස්වීම සඳහා ඝණ පූරණය නොමැති වීම ඇතැම්  සභිකයන්ගේ නම් ගැසට් නොකිරීම සහ යම් යම්  අධිකරණය නියෝග  යනාදිය හේතුවෙන්  මෙම සභා පිහිටුවීමට නොහැකිව තිබෙන බවද  ඔහු ප්‍රකාශ කළේය.

යම් සභාවක් රැස්වීමට මුළු සභිකයන්ගෙන් සියයට පනහක් සිටිය යුතු නමුත් සමහරුන් හිතාමතාම නොපැමිණීම හේතුවෙන්  මෙම  ඝණ පූර්ණය පිළිබඳ ගැටලුව මතුව තිබෙන බව අමාත්‍යවරයා කීය.

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජනය පිළිබඳ ගැටළුවකට අදාල  අතුරු තහනම් නියෝගයක්  හේතුවෙන්   එම සභාවේ පාලනය පිහිටුවීමට නොහැකිව ඇති බව චන්දන අබේරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනතාව සඳහා  මෙම සොබා  ඉක්මනින් පිහිටුවා  ගැනීම අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත් කීවේය. පළාත් පාලන ආයතන 337 ක් පිහිටුවීම සඳහා පළාත් පාලන  මැතිවරණය පැවැත්වුණේ පසුගිය මැයි මස 6 වැනිදාය.

ප්‍රාදේශීය සභා 274ක්  මහ නගර සභා 27ක්  සහ නගර සභා 36ක් වෙනුවෙන් පැවති මෙම ඡන්ද විමසීමට පිළිගත් දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ අටදහසකට වැඩි පිරිසක් සහභාගි වුහ. පළාත් පාලන මැතිවරණය සඳහා වැය වී ඇති මුදල රුපියල් කෝටි 1100කට ආසන්නය

 

 



අදහස් (0)

පුංචි සභා පනහක වැඩ කොටඋඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 142 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 350 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site