IMG-LOGO

රෙගේ සංගීතඥ ඇල්ෆා බ්ලොන්ඩි මෙරටට

(ටී.කේ.ජී.කපිල)

ලෝකයේ ජනප්‍රිය "රෙගේ" සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි ප්‍රසංගයක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකාවට අද (16) අලුයම පැමිණියේය.

බොබ් මාලේගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා ඇල්ෆා බ්ලොන්ඩි වේ.

ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකුද සමග අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇල්ෆා බ්ලොන්ඩි කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී එළඹෙන 19වැනිදා සවස  සංගීත‍ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය .

ඇල්ෆා බ්ලොන්ඩි සංගීතඥයා ඇතුළු පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබීය.



අදහස් (2)

රෙගේ සංගීතඥ ඇල්ෆා බ්ලොන්ඩි මෙරටට

de silva Wednesday, 16 July 2025 01:33 PM

දැන් ටිකක් වයස වුණාට ලෝක පූජිතයෝ, ඔන්න නියම වැඩ කාරයෝ...

:       0       11

don Wednesday, 16 July 2025 04:29 PM

ශෙබේ අල්ලා සිංදුව මතක් වුණා.. පාරේදි දැක්කොත් අඳුනාගන්න බැහැ වෙනස් වෙලා... තිරිහන් වෙලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site