ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදයක්


(රංජන් කස්තුරි)
 
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ නව ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රථම වරට ක්‍රියාත්මක කර තිබේ.
 
ඒ අනුව රටපුරා සියලු ජාතික පාසල්වල 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට පවතින පුරප්පාඩු මත සිසුන් ඇතුළත් කර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්කරයි.
 
2019 වසරේ 1,5 සහ 6 යන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම අධ්‍යාපන ලේකම්වරයා විසින් 2008/37 නැමති චක්‍රලේඛය මත සිදුකෙරේ.
 
පෞද්ගලික වාසස්ථානවලින් බැහැරව වාසය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, රාජකාරි අවශ්‍යතා මත කිලෝමීටර් 50කට වැඩි දුරකට ස්ථාන මාරු ලැබූ රජයේ සේවකයින්ගේ, විදේශගතව නැවත දිවයි පැමිණි පුද්ගලයින්ගේ දරුවන් එලෙස අතරමැදි පාසල්වලට ඇතුළත් කර ගැනීමට නියමිත බවද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
 
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින ගුරු පුරප්පාඩු මත ඉහත කාණ්ඩවලින් ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව අඩු නම් වෙනත් අයදුම්පත් ද සලකා බලන බව එම අමාත්‍යාංශය කියයි.