“සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කරන අයුරු ඊශ්‍රායලයෙන් ඉගෙන ගනිමු”
-ජාතික සංවිධායක, සිංහල රාවය
2019 පෙබරවාරියේදී, තරුණ ලාංකීය (සිංහල- බෞද්ධ) කතුවරයකු වූ ශක්තික සත්කුමාර බුදු දහම අපකීර්තියට පත් කිරීමේ කෙටිකතාවක් රචනා කිරීම සම්බන්ධයෙන් සිරගත කරනු පිණිස (ICCPR) සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම භාවිත කිරීමට බල කරමින් හිමිනමක් පොලිස්පතිවරයාට ලිපියක් ලීවේය.
ඊට පෙර මෙකී හිමි නමම චිත්‍රපට අධ්‍යක්‍ෂ මාලක දේවප්‍රිය සහ ඔහුගේ “කණට පාරක්” නම් රේඩියෝ නාට්‍ය පෙළට එරෙහිව පැමිණිල්ලක් කළ මුත් එම වෑයම අසාර්ථක විය. මෙවර පොලිස්පතිවරයා ඊට කන් දුන්නේය. සත්කුමාර 2019 අප්‍රේල් 01 වැනිදා පොල්ගහවෙල පොලීසියට කැඳවන ලදුව අත්අඩංගුවට ගෙන කෑගල්ල බන්ධනාගාරයේ දින 130ක් රඳවා තබනු ලැබුවේය. කිසිදු පූර්ව විමර්ශනයක් සිදු නොකරනලද අතර B වාර්තාවේ සඳහන්ව තිබුණේ හුදෙක් හිමිනම විසින් කරන ලද පැමිණිල්ල පමණක් බව රචකයා කියා සිටියේය.
සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම (ICCPR) යටතේ ඉන් අනතුරුව කරන ලද වඩාත් කුප්‍රකටවූ අනෙක් අත්අඩංගුවට ගැනීම, ප්‍රහසන කථන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගනිමින් සිදුකෙරිණි. සුද්දෝධන රජතුමාට අපහාස කළ බවට, සිංහල රාවයේ අක්මීමන දයාරත්න හිමි සහ අනෙක් අය එහිදී එදිරිසූරියට එරෙහිව පැමිණිලි කළහ. ඈ ආගමට අපහාස කරනවිට සිනහ පෑ ප්‍රේක්‍ෂකාගාරයේ සිටි සාමාජිකයන්ද අත්අඩංගුවට ගතයුතු වේ යැයි කියන තරමට එම පැමිණිල්ල දුරදිග ගියේය. චිරාගත අදහස් ඉස්මුදුනින් පිළිනොගැනීමට එරෙහිව ගෙනගිය මෙම දඩයම් රැල්ලේ නිමාව එදිරිසූරියගේ නඩුව ඇසූ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඇප නියම කිරීමෙන් සනිටුහන් වූයේය.
සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් පනතේ 3 වැනි වගන්තිය පුද්ගලයන් කළ ප්‍රකාශ වාර්ගික හෝ ආගමික සමූහවලට එරෙහිව කරන ලද හානිකර ප්‍රකාශ ලෙස සලකා ඔවුන්ට විරුද්ධ භාවිත කිරීම නීතියට පටහැණි බව ඔහු පෙන්වා දුන්නේය.
“විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක් හෝ වෙනත් ආගමික නායකයකු හෝ සමාජයේ බලගතු පුද්ගලයකු හෝ පැමිණිල්ලක් කළ පමණින් හුදෙක් එම පැමිණිල්ල පමණක් පදනම් කරගෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම විමර්ශකයාගේ කාර්යභාරය නොවන” බව ඔහු අවධාරණය කළේය.
මෙම සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් පනත, ආගම් විරෝධී, ආගමට අපහාස කිරීමේ නීතියක් ලෙස අවභාවිතයට ගැනීමේ පුරෝගාමියකු වූ මෙම භික්‍ෂුව අලුත් මාර්ගයක් දැන් තෝරාගෙන තිබේ. ඒ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල්වරුන් ඔසවා තැබීමේ මාර්ගයයි.
2010 මැද හරියේදී බෙන්ජමින් නෙතනියාහු ආසියා ප්‍රතිපත්තිය වෙතවූ ඊශ්‍රායල විවර්තනීය (ක්ෂේත්‍රගත ක්‍රියාකාරීත්වය) හෙළිදරව් කළේය. 2018 දී ඩබාද් ලුබාවිච් ව්‍යාපාරයේ රබ්බි, රොනී ඇරාඩ් (දෙවියන් විසින් පැමිණ දූත මෙහෙවරක් ලෙස සැලකෙන) ශිලාච්වරයකු ලෙස ආරුගම්බේ සහ හික්කඩුවට පැමිණියේය. එදා පටන් චබාද් නිවාස සහ ඊශ්‍රායල් හිතකාමී සංවිධාන හතු පිපෙන්නා සේ මෙරට බිහිවන්නට ගත්තේය.
ඊශ්‍රායල් - ශ්‍රී ලංකා සහයෝගීතා ව්‍යාපාරය එවැනි එක් සංවිධානයකි. ශ්‍රී ලංකා ඊශ්‍රායල සම්බන්ධතා වසර 3700 ක් අතීතයට යන බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ඊශ්‍රායලයට හිතවාදී සහාය දෙන්නකු බවට පත් කරලීමට අවශ්‍ය බවත් එය කියා සිටී. මෙම න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීමේ කාර්යය අන්තගාමී බෞද්ධ භික්ෂූන්ට පවරමින් ඔවුන්ට ඊට අදාළ කාර්ය වර්ධනය භාරදී තිබේ.
ඊශ්‍රායල – ශ්‍රී ලංකා සහයෝගීතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ රැස්වීමක් 2024 ඔක්තෝබර් මාසයේදී අමතමින්, මෙම හිමිනම ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර වසර 4000කට වඩා ඉපැරැණි ඓතිහාසික දූත මෙහෙවර හා වෙළෙඳ සම්බන්ධතා ඇති බව වදාරමින් ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය ඒකාත්මික විය යුතු බව කියා සිටියේය. ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ දොරටු ඊශ්‍රායලයට විවර කොට, එකී පුරාණ බැඳීම නැවත අලුත් කළ යුතු යයි ඔහු අනුර කුමර දිසානායකගේ නව රජයට පවසා සිටියේය.
උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානයේ ප්‍රධාන ප්‍රාරම්භක හිමි ඊශ්‍රායල අවශ්‍යතා හා සන්ධානගතවී ඇති තවත් හිමිනමකි. දමිළ විරෝධී සහ මුස්ලිම් විරෝධී ව්‍යාපාරවල ප්‍රවීණයකු වූ එම හිමිනම 2024දී මාධ්‍ය සම්මන්ත්‍රණයක් පැවැත්වූයේය. ඒ “නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කරනු, වර්ගවාදය ප්‍රතික්ෂේප කරමු. ඊශ්‍රායල රැකියා ආරක්‍ෂා කරනු” යන ස්වයං වාඛ්‍යානය සහිත බැනර යටතේය.
මෙකී ඊශ්‍රායල හිතකාමී දර්ශන පථයක ප්‍රවේශ වී ඇති තුන්වැනි සහ වඩාත් අනුගාමී ව්‍යාපාරය වන්නේ සිංහල රාවයයි. ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානිය හරහා දමිළ විරෝධයේ සිට මුස්ලිම් විරෝධය දක්වා සුළුතර විරෝධී යුද්ධවල පුරෝගාමී එළි දැල්වූයේ සිංහල රාවයයි.
අන්තවාදය හා බැඳියාව
2025 අගෝස්තු 30 වැනිදා ඊශ්‍රායලය – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවර්ධන සංවිධානය නම් සංවිධානයක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ඊශ්‍රායල් හිතවාදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූයේය. මෙම විරෝධතාවයෙ ප්‍රධාන ප්‍රවර්ධකයකු වූයේ, සිංහල රාවයේ ජාතික සංවිධායකගේ ප්‍රධානත්වයෙන් යුතු ඊශ්‍රායල – ශ්‍රී ලංකා මිත්‍රත්ව සමූහයයි.
2024 පළකළ වීඩියෝවක ඔහු සිංහල- බෞද්ධ ආධිපත්‍යයේ ආදර්ශ මොඩලය ඊශ්‍රායලය බව පෙන්වා දුන්නේය. “අප ඊශ්‍රායලය මෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා එකමුතු විය යුතුය. ඊශ්‍රායලයේ මෙන් සුළුතර ජාතීන් නිදහසේ වාසය කරන සියයට සියයක් යුදෙව් ජාතිකයන්ගෙන් හෙබි යුදෙව් රාජ්‍යය මෙන් අතිවිශේෂ සිංහල බෞද්ධ රාජ්‍යයක් අපට ගොඩනැගිය හැකිය. අනෙකුත් ආගම්වල උදවිය නිදහසේ යුදෙව් ජනයා සමග වාසය කරන රාජ්‍යය වැනි සිංහල බෞද්ධ රාජ්‍යයක් අපට ගොඩනැගිය හැකිය.
ඇඩොල්ෆ් හිට්ලර් 1935 රිචි පුරවැසි පනතෙන් මිශ්‍ර විවාහ තහනම් කළේය. ඊශ්‍රායල් රාජ්‍යයේද මිශ්‍ර විවාහ තහනම් කර ඇත. 2022 දී ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානය වූ B Tselm පෙන්වා දුන් පරිදි ඊශ්‍රායලය අපාර්තයිඩ් රාජ්‍යයකි. ඊශ්‍රායලය පාලනය කරන (ස්වාධීන ඊශ්‍රායල භූමි ප්‍රදේශය, ජෙරුසෙලම, බටහිර ඉවුර සහ ගාසා තීරය) සියලු භූමි ප්‍රදේශවල ඊශ්‍රායල් පාලනය ක්‍රියාත්මක වේ. එය අපාර්තයිඩ් පාලනයකි. එක් සංවිධානාත්මක මූලධර්මයක් රැඳී ඇත්තේ විවිධ ලෙස ව්‍යාප්ත වූ ඊශ්‍රායල නීති පදනමක් තුළයි. එය අනෙක් සියලුම පලස්තීන සමූහයක් අබිබවා යුදෙව් සමූහයාගේ සුපිරි ආධිපත්‍ය සදාකාලිකව ඉදිරියට ගෙන යන නීති පද්ධතියකි. ජනවාර්ගික ආගමික රාජ්‍ය ගොඩනැගීමේ සාර්ථකම උදාහරණය ඇතැම්විට ඊශ්‍රායලය විය හැකියි. එය බහුත්වවාදයේ සහ අන් මත ඉවසීමේ තනිකර ප්‍රතිවිරෝධයයි. ඊශ්‍රායලය වර්තමානයේ සිදුකරන ජන සංහාර සමග එය, සිංහල රාවය සහන් එළියක් සේ දැකීම තුළ ඇත්තේ මද විස්මයකි.
2011 දී සිංහල රාවය, නාවක්කුලි සහ යාපනයේ සිංහල බෞද්ධ පවුල් කිහිපයක් පදිංචි කරවූයේය. මිලිටරි ශ්‍රමය භාවිත කර පන්සලක් ඉදිකරන ලද්දේ එම පවුල් සඳහා විය හැකිය. සිංහල රාවය වචනාර්ථයෙන්ම, එහි මුස්ලිම් විරෝධී ව්‍යාපාරයේ පළමු වෙඩි මුරය 2010 දී දැල්වූයේය.
2011 දී, රාජපක්‍ෂලා මුස්ලිම් සතුරා සමග එකඟත්වයට පැමිණීමට බොහෝ කලකට පෙර සිංහල රාවය අනුරාධපුරයේ, දුටුගැමුණු භෂ්මාවශේෂ ඇතැයි පැවසුණු දක්‍ෂිණ සෑය සමීපයේ මුස්ලිම් පල්ලිය විනාශ කර දැමුවේය.
(Sri Lanka Mirror- 13.9.2011)
2013 ජුනි මාසයේදී සිංහල රාවය, ක්‍රිස්තියානි මිෂනාරිවරුන් සමූහයක් බලෙන් අත්අඩංගුවේ රඳවාගෙන, තංගල්ලේ මස් අලෙවිසල්වලට ගිනි තබා, ගව ඝාතනයට විරෝධය පාමින් කතරගම සිට කොළඹට පා ගමනක් ගියේය. වෙනත් වචනවලින් කිවහොත් මෙය වාචික හිංසනය පමණක් නොව, ශාරීරික හිංසනයද අඛණ්ඩව කරගෙන පැමිණි දිගු ඉතිහාසයක් සහිතය.
මෙවැනි ඉතිහාසයක් තුළ මෙම සංවිධානය ඊශ්‍රායලයේ ඕනෑ එපාකම් සමග හොඳින් එකේලි වී ඇත. මෑතකදී නිකුත් කළ වීඩියෝවක සිංහල රාවය ජාතික සංවිධායකයා කියා සිටියේ ගාසා තීරයේ මරා දැමූ සියලුම දරුවන් ඊශ්‍රායලයට පහරදීම සඳහා පුහුණු කළ ළමා සොල්දාදුවන් බවයි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් ළමා සොල්දාදුවන් පුහුණු කිරීමට හැකියාව ඇතැයි ඔහු කියා සිටියේය. එවැනි අඥාන ප්‍රකාශවලින්, විශේෂයෙන් මැතිවරණ කාලවල අනාගතයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩතා සාධාරණීකරණය කිරීම හොඳින් කළ හැකිවේ. විශේෂයෙන් 2019 දී මුස්ලිම් භීතිය හිස එසවූ විට එය ප්‍රධාන වශයෙන් ඡන්ද ඉල්ලීමක් බවට පත්වූයේය.
ඊශ්‍රායල – ශ්‍රී ලංකා සහයෝගීතා ව්‍යාපාරය නිකුත් කළ එක් වීඩියෝවක ශ්‍රී ලාංකීය රජයට පලස්තීන හිතවාදී විරෝධ ව්‍යාපාරවලට අවසර නොදෙන ලෙස කියා සිටියේය. එසේ කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම අසීරු වී සංචාරක ව්‍යාපාරයද බිඳ වැටෙනු බවට එයින් අනතුරු හඟවයි. එහෙත් සැබෑව නම් ඊශ්‍රායලයේ ශ්‍රම හිඟයෙන් පීඩා විඳින ආර්ථිකයට කම්කරුවන් සොයන්නට සිදුව තිබීම හා ගෝලීය වශයෙන් ජනතා අප්‍රසාදයට පත්ව ඇති ඔවුන්ගේ සංචාරකයන්ට, ගමනාන්තයන් සොයන්නට සිදුව තිබීමයි. සැබෑව උඩුයටිකුරු කරමින් දොඩන සිංහල රාවයේ ජාතික සංවිධායකයා ඔහුගේම වීඩියෝව තුළ හුඹස් බිය පතුරවමින් ගිරවකු සේ තෙපලයි. විශේෂයෙන්ම සිංහලයන්ට රැකියා ලක්‍ෂයක් සම්පාදනය කිරීමට ඊශ්‍රායලය සිතා සිටින බව ඔහු කියයි. එයින් සිංහල ආර්ථිකය ශක්තිමත් කොට, මුස්ලිම් වෙෙළඳ ආධිපත්‍යය දුර්වල කරන බවට ඔහු තර්ක කරයි. ඔහුගේ අදහස අනුව පලස්තීනුවන් සමග සහයෝගයෙන් ක්‍රියාකිරීම සිංහල - බෞද්ධ රාජ්‍ය විනාශ කිරීමට කරනු කුමන්ත්‍රණයකි. මන්දයත් එවැනි සහයෝගීතාවකින්, ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන රැකියා අනතුරේ හෙළා, ඊශ්‍රායල සංචාරකයන් පැමිණීමට බාධා සිදුවන බැවිනි. එසේ වුවහොත්, ඔහු පවසන අයුරු මෙරටේ සිංහල බෞද්ධ ජනතාව ආණ්ඩුවටත්, මුස්ලිම් අන්තවාදීන්ටත් දැඩි පිළිතුරක් දෙන බවටත් ඔහු අනතුරු හඟවයි. මෙරටේ සිංහල බෞද්ධ ජනයා, එවැනි දැඩි පිළිතුරක් දෙන තත්වයට තල්ලු නොකළ යුතු බව ඔහු කියයි. එසේ වුවහොත් අපිද පිළිතුරු දෙන්නෙමු. එම පිළිතුර, තිස් අවුරුද්දක් ඉවසීමෙන් බලා සිටි දුන් පිළිතුරට වඩා බැරෑරුම් පිළිතුරක් විය හැකිය.” (යූටියුබ් වෙබ් අඩවිය).
මෙම වචන ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුනට එරෙහිව ප්‍රචණ්ඩතාව මුදාහරින බවට කරන තර්ජනයකි. ඇතැම්විට ජාජබ/ ජවිපෙ රජයට පවා එල්ල කරන තර්ජනයක් විය හැකියි. සුළුතරයාට විරුද්ධව ප්‍රචණ්ඩතාව මුදාහල ඉතිහාසයක් ඇති සිංහල රාවය කරන එම තර්ජනය බැරෑරුම් ලෙස ගත යුත්තකි.
අස්ථාවරකරණය?
2025 අගෝ. 29 වැනිදා ඊශ්‍රායල් ජාතික සංචාරකයන් දෙදෙනෙක් සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික හෝටල්කරුවකුට හා ඔහුගේ කාන්තා සහකාරියකට ආරුගම් බොක්කේදී පහර දුන්හ. ඇසින් දුටු අයගේ විවිධ සාක්ෂිවලින් කළ විස්තරවලට අනුව එම ප්‍රහාර එල්ල කර ඇත්තේ කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරවය. සමාව ඉල්ලා ප්‍රකාශ නිකුත් කළ ඊශ්‍රායල් ජාතිකයන් කියන පරිදි හෝටල් හිමිකරුවා මුස්ලිම් ජාතිකයකු නොව සිංහල ජාතිකයෙකි. එම ඊශ්‍රායල් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ සෙනසුරාදා ඇප පිට නිදහස් කෙරිණි. ඔවුන් මේ සතියේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු විමසීම උදෙසා පෙනී සිටිය යුතුය. රජය නිසි නීතිමාර්ග ක්‍රියාත්මක වන්නට ඉඩ දෙන්නේද, නැතහොත් ඊශ්‍රායල සංචාරකයන්ට නීතියෙන් ගැලවීයන්නට මැදිහත්වේද යන්න දැකගත යුතුව තිබේ.
ගාසා තීරයේ ජනසංහාරය ඇරැඹීමට බොහෝ කලකට පෙර ඊශ්‍රායල් සංචාරකයෝ ගෝලීය වශයෙන් ඔවුන්ගේ නොසැබි ගති නිසා අපකීර්තියට පත්ව සිටියහ. 2022 දී ගෝලීය වශයෙන් අන්ත නරකම සංචාරකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඔවුහු 5 වැනි ස්ථානයට පත්ව සිටියහ. එක්තරා සිරස් තලයක දක්වා තිබුණේ,
“අජූම ඊශ්‍රායල් ජාතිකයා! ලෝකයේ අන්ත නරකම සංචාරකයෝ ඊශ්‍රායල් ජාතිකයෝද?” ඊශ්‍රායල් වෙබ් පුවත්පතක් වූ Y Net හි මෙසේ ලියා තිබිණි. “ඇතැම් හෝටල්වල තරුණ ඊශ්‍රායල් සංචාරකයන් ප්‍රතික්ෂේප කිරීමේ නිල නොවන ප්‍රතිපත්තියක් පවතී” (22/11/9) “ඊශ්‍රායල් සංචාරකයෝ කැලෑ ගිනි තැබීම්වල, නීති විරෝධී ස්ථානවල කඳවුරු බැඳීමේ පූජනීය ස්ථානවල නිරුවත්ව ඡායාරූප ගත කිරීම්වල, පුරාවිද්‍යා බිම්වල නොසැබි සාද පැවැත්වීමේ කටයුතුවල නිරතවී සිටියහ” යන්න 2022 සැප්තැම්බර් මාසයේ ''The Jewish Independent'' හි සඳහන් වී තිබිණි.
ශ්‍රී ලංකා ආණ්ඩුව ඊශ්‍රායල් සංචාරකයන්ට නිදහස් වීසා පිරිනැමීමේ තීරණය ගෙන ඇත්තේ මොවුන්ගේ මෙම ජුගුප්සාජනක අතීත කෙරුවාව ගැන දැනුවත්වද?)
මේ වන විට පවතින ජන සංහාරවලදී මේ තත්වය තවත් නරක අතට හැරිණි. “ජන සංහාරයේ වඩාත්ම නින්දිත සතුට එහි ලේ පිපාසිත ක්‍රියාවලින් මතුවන්නකි” ශ්‍රී ලාංකීය විද්වතකු වූ ප්‍රභාත් සිරිසේන මෑත දිනක Daily FT පුවත්පතේ එසේ ලියා තිබිණි. (2025.8.25- Perverse Pleasures of Genocide)
ඊශ්‍රායල සංචාරකයෝ දැන් ශ්‍රී ලංකාවේ පිරී සිටිති. ඔවුන්ගෙන් බහුතරය ඉහත කී ආකාරයේ අළුගෝසු රොත්තක් විය හැකිය. ගාසා සංහාරයේ වාර්ගික නොපැහැදිලි බව පැහැදිලිවන තත්වය තුළ මෙම සොල්දාදුවන්, දුඹුරු පැහැ සමින් යුතු ස්වදේශිකයන් (ඔවුන් සිංහල දමිළ, මුස්ලිම් බෞද්ධ හෝ ක්‍රිස්තියානි වේවා) පහත් ජීවීන් ලෙස සලකන ඔවුන්ට පහරදීම සාධාරණ යයි සළකන්නට ඉඩ තිබේ.
ගාසා තීරය ඔවුන් අමුඅමුවේ කරන මිනිස් සංහාරවලට හුරුව තිබේ. ඔවුනට පූර්ණ මුක්තියද එහි හිමිව තිබේ. ඔවුන් තැබිය යුතු තැන තබන්නට ස්වදේශික ජනයා අසමත් වන විට ඔවුහු ශ්‍රී ලංකාවේ ඊට වෙනස් ආකාරයෙන් නොහැසිරෙන්නේද? ආරුගම්බේහි නොබෝදා ඇතිවූ සිද්ධිය ප්‍රසිද්ධියට පත්ව ප්‍රහාර එල්ල කළ අය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊට ගොදුරු වූ තැනැත්තා මෙරටේ ප්‍රසිද්ධ අයකු නිසාය. එම ප්‍රදේශයේ දුප්පත් මුස්ලිම්වරුන්ට ඊට මුහුණ දෙන්නට සිදු වුවහොත් හිංසාව ඉවසා සිටිනවා හැර වෙනත් විකල්පයක් නැත. ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වුවහොත් ඊශ්‍රායල් සංචාරකයන්ට එරෙහිව ත්‍රස්ත ක්‍රියා කළ බවට ලේබල් අලවා ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් අත්අඩංගුවට පත් කරවන්නට ඔවුන්ගේම රජය ක්‍රියා කරන්නට ඉඩ තිබේ.
සිංහල රාවය ප්‍රමුඛ සිංහල අන්තවාදී කොටස් ඊශ්‍රායලයේ ඕනෑ එපාකම් මත, ඊශ්‍රායල් සංචාරකයන්ට නීති කැඩීමේ අවසරය හා දණ්ඩ මුක්තියද පිරිනමන්නට රිසිව ඊශ්‍රායලය ප්‍රවර්ධකයන් ලෙස ප්‍රවිශ්ට වී තිබෙන්නේ මෙවැනි වහා ඇවිලෙනසුලු වාතාවරණයක් තිබියදීය.
ඊශ්‍රායල – ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපාරය වැනි සංවිධාන සංවර්ධනයේ ආශ්චර්යව පාරාදීසයක් ලෙස හුවා දක්වමින් එරට සමග එකේලි වීම කෙටි කලකදී ශ්‍රී ලංකාවට සමෘද්ධිය අත්පත් කර ගැනීමේ හැකියාව ලබන මාර්ගයක් ලෙස තර්ක ඉදිරිපත් කරති. ඇමරිකානු විදේශ ආධාර වැඩිපුරම ලබන්නා ඊශ්‍රායලය බව සැබෑය. (වාර්ෂිකව යුද ආධාර පමණක් ඩොලර් බිලියන 3 කට වඩා එරටට ඇමරිකාවෙන් ලැබේ). මෙකී විශාල ආධාර අත්හිටුවීමක් කළහොත් හෝ අඩු කළහොත් එරට හෙමි හෙමිහිට ඇදවැටෙන්නටද ඉඩ තිබේ. එහෙත් එවැනි සියුම් වෙනස්කම් ශ්‍රී ලංකාවේ, ඊශ්‍රායල රසිකයෝ නොදනිති. ඔවුන්ගෙන් ඇතමෙක්, එක්සත් ජනපදය ඊශ්‍රායලය තාක්‍ෂණයෙන් ඇමරිකාව අභිබවා යෑම වැළැක්වීමට ඔක්තෝබර් 7 ප්‍රහාරය දියත් කරන්නට හමාස් ගරිල්ලන් උසි ගැන්වූ බවද නොදන්නාකමට කියති.
ඇතැම් සිංහල බෞද්ධ අන්තවාදීන් ශ්‍රී ලංකාවේ සියලු රෝග සුවකරන ඖෂධ ඊශ්‍රායලය සතුව පවතින බවට අව්‍යාජව විශ්වාස කරන්නට ඉඩ ඇත. ඇතැම් අය ඊශ්‍රායලය සමග පවත්වන ඕනෑම බැඳීමක් අවස්ථාව පෑදෙන එළියක් ලෙස සලකන්නට ඉඩ තිබේ. ඔවුන් ගත කරනුයේ දේශපාලන වශයෙන් හෝ සංවිධානාත්මක ලෙසින් වාසි අතට නැමෙන කාල පරිච්ඡේදයකි. ඔවුනට හුදෙක් අවශ්‍ය වන්නේ ලොකු මුදල් පසුම්බියක් ඇති, බලවත් සම්බන්ධතා ඇති, අනුග්‍රාහකයකු සහ සමස්ත නිරාචාර වාදයත්ය.
ඊශ්‍රායලය හිතාමතාම ශ්‍රී ලංකාව මානව ශ්‍රමය සපයන දේශයක් ලෙසත් චාරයක් නැති සංචාරකයන් (යුධද අපරාධකරුවන් ඇතුළු) සාදරයෙන් පිළිගන්නා රටක් ලෙසත් තබා ගැන්මට රිසිවූ සෙයක් පෙනේ. මෙහි සිටිනා එරට දේශපාලන/ ආගමික ඒජන්තයෝ සිංහල බෞද්ධ අන්තවාදය වපුරමින් වර්තමාන රජයට එම මූලධර්ම ම පිළිගනිමින් වඩාත් ඈතගිය මිත්‍රශීලී පාලනයක් සමග එක්වී එය තහවුරු කර ගැනීමට බල කරමින් සිටිති.
සිංහල බෞද්ධ අන්තවාදීන්ට වර්තමාන රජය අලි සබ්රිගෙන් තොර බහුත්වවාදයෙන් තොර ගෝඨාභය වෙනුවට ඊළඟට බලයට පත් රජයක් කරවන්නට අවශ්‍ය වී තිබේ.
ඔවුන්ගේ පොදු හා වෙනස් වූ අරමුණු මුදුන් පත් කරන්නට, ඊශ්‍රායලයට හා සිංහල බෞද්ධ අන්තවාදීන්ට මුස්ලිම් සතුරකු නිර්මාණය කර ගන්නට අවශ්‍යව ඇත. එසේ කිරීමේ ක්‍රියාදාමය මුස්ලිම් ප්‍රජාව තුළම ඉන්නා අන්තවාදීන් ඉටුකරනු ඇත. දේශපාලන අස්ථාවරභාවය ප්‍රචණ්ඩතාවලින්/ ත්‍රස්තක්‍රියාවලින් පසුව එනු ඇත. 2019 ත්‍රස්ත ක්‍රියාවලින් අනතුරුව සිදුවූයේ එයයි. රජය ඒ පිළිබඳ අවධානයෙන් පසු නොවුවහොත් 2029 දී ද එම රංගනය නැවත ඉදිරිපත් වනු දැක ගත හැකිවේ.
(***)
2025/සැප්/03 Daily FT පුවත්පතේ පළවූ
Israel and the Undermining of Pluralist Sri Lanka
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

