‘‘සර්කස් විජේගේ’’ කොණ්ඩෙ ඉඩෝරයට පැහිලා


(මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර)
 හෙම්මාතගම පෙතිගම්මන ජිවත්වන සර්කස් විජේ නමින් කාඅතරත් ප‍්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකි. ඔහුට ”සර්කස් විජේ” ලෙස නම් තබා ඇත්තේ ඔහු කාලයක් තිස්සේ රට පුරා ගොස් ට‍්‍රැක්ටරයක් උදරය මතින් ධාවනය කිරීම හා තම උදරය මත ගල් තබා කුලිගෙඩියෙන් පහරදී කැඞීම ඇතුලූ අසාමාන්‍ය දක්‍ෂතා පෙන්වීම නිසාය.  නිතරම කාටත් සිනා මුසු මුහුණින් කතා බහ කරන ඔහුගේ එක් විශේෂ ලක්‍ෂණයක් වන්නේ තමන් සිනා නොවී අන් අය සිනා ගැන්වීමය.


 පසුගිය දිනක සර්කස් විජේ තමන්ගේ කොණ්ඩය කැපීම සඳහා හෙම්මාතගම නගරයේ එක්තරා කොණ්ඩා කැපීමේ ස්ථානයකට ගොස් කොණ්ඩය කැපීම සඳහා තමන්ගේ වාරය එළඹෙන තෙක් එහි තිබූ පුවත්පත්  කියවමින් ඒ අතරේ අන් අය සමග විහිළු තහලූ කරමින් කාලය ගත කරමින් සිටියේය. පසුව තමන්ගේ වාරය එළඹීමත් සමග කොණ්ඩය කැපීමට තමන්ට හිමි අසුනේ ඉඳ ගත්තේ සිනා මුසු මුහුණිනි.


 සුපුරුදු පරිදි අන් අයගේ මෙන් ඔහුගේ කොණ්ඩය කපමින් සිටි කරනවැමියා ටික වේලාවකින් පසු ඔහුට පැනයක් යොමු කළේය.


”ආ විජේ අයියා කොණ්ඩය ගොඩක් පැහිලා නේද?”


” ඔව් මල්ලි මේ දවස්වල ඉඩෝරයනේ”


සර්කස් විජේ කී දේයින් කරන වෑමියාට සේම එහි සිටි බොහෝ දෙනෙකු බඩ අල්ලාගෙන සිනා සුනේ මේ අපූරු කතාව නිසයි.