(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප‍්‍රධාන නගරයට නුදුරු උපනගරයක ඇති ආපන ශාලා දෙකක හිමිකරුවන් වූයේ එකම නාමය සහිත ඥාති සොයුරන් දෙදෙනෙකි. එකිනෙකා ළඟම ඥාතීන් වුවත් දෙදෙනා ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකක ප‍්‍රබල ආධාරකරුවෝ වූහ.
පසුගියදා බාල සොහොයුරාගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට බීම වර්ග ගබඩා කරන අධිශීතකරණයක් එවන ලෙස ඔහුගේ දේශපාලන ප‍්‍රබලයකු සමාගමකට මුදල් බැන්දේය. සමාගම එම ශීතකරණය රැගෙන යනවිට එම ආපන ශාලාව වසා තිබුණත් අනෙක් ආපන ශාලාව විවෘතව තිබිණි.
නම් දෙකේ සමානතාව මත එය අදාළ ආපන ශාලාව යැයි සිතා සේවකයින්ගෙන් විමසූ විට ඔවුන්ද කීවේ ශීතකරණයක් එවන බව කලින් කියූ බවකි.
ශීතකරණය එහි සවිකොට සමාගමේ නිලධාරිහු ආපසු ගියහ. තමාට හිතවත් දේශපාලකයා සවස නියමිත ආපන ශාලාවට ගිය විට සිදුවී ඇති දේ දැනගෙන අන්දමන්ද වුවත් එම ශීතකරණය ආපසු දීමට එහි ආපන ශාලා හිමියා එකඟවුයේ නැති ලූ.

