(තිහගොඩ උපසේන ලියනගම)
වියපත් මවක් සිය බෑනා අත්හල දියණිය සමග උසාවියට ආවේ එදිනට නියමිත වන්දි නඩුවක පැමිණිලිකරුවන් ලෙසටය. උදේම එහි ගිය නිසා අසල වූ තේ කඩයකට ගොඩවී තේ බොන අතරතුර මේ නඩුව ගැන කතා කරන ආකාරය අසල සිටි පුද්ගලයකු අසා සිටියේ රහසෙනි.
”අම්ම උසාවියට යන්න. තව ගොඩක් වෙලාව තියෙන නිසා මම දරුවට කෑම පෙට්ටියකුත් අරගෙන එන්නම්” දියණිය කීවාය.
මෙය අසා සිටි පුද්ගලයා කඩිනමින් උසාවිය දෙසට ගොස් පාළු ස්ථානයක සිට අලස ගමනින් එන අම්මාට ”අම්මාගේ හිතේ මහ බරක් තියෙනවා. අදත් නඩුව ඉවර වෙන්නෙ නෑ. ඕකට මම පිළියමක් කියන්නං” කියමින් සාස්තරකරුවකුගේ වෙස් ගෙන ඇයගේ අත ඇල්ලූවාය. ඇයද ඊට එකඟ විය.
මොහොතකින් හස්ත මුද්‍රා පෙන්වමින් ඇගේ මුහුණ පුරා අත විහිද වූ ඔහු කලින් දැනගත් දේ පවසමින් ඇගේ ඇඟිල්ලෙහි වූ රන් මුදුව ගලවා ගත්තේ ඇය මේ වනවිට සිහි නැතිවූ හෙයිනි.
ඇයට සිහිය ආවේ ඔහු පැනගොස් බොහෝ වෙලාවකට පසුවලූ. දකුණු පළාතෙන් ඇසුණු කතාවකි.

