සූර්පිට පැල් රකිද්දී ඇඳිවතත් ගිනි අරන්


(තිහගොඩ උපසේන ලියනගම)
තම වගාව ඌරන්ගෙන් බේරාගැනීම සඳහා රාත‍්‍රී පැල් රැුකීමට ගිය ගොවි මහතකු තම ඇඳිවතත් අහිමිව මහ ? නිවෙසට දිව ඒමේ අපූරු සිදුවීමක් පසුගියදා දකුණු ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.


ප‍්‍රදේශයේ මේ වන විට පවතින වල් ඌරු උවදුර නිසා රතික්‍ද්ක්‍දා පත්තුකරමින් උන් පලවා හැරීමට ගිය ඔහු පෙර දින පැලේ සඟවා තිබූ මත් බෝතලයෙන් මඳක් පානය කොට බිරිය දුන් බත් පාර්සලයද අනුභව කොට පැලේ දිගාවූවත් තද සීතල හා මදුරු උවදුර මහා වදයක් විය.


පසෙකින් මහා ගිනිගොඩක් අවුලූවා ඒ අසල දිගාවූ ඔහුට මඳ සුුවයක් ලැබිණ. මොහොතකින් ඔහුට අහැරුණේ ප‍්‍රදේශය මහා ගිනි ජාලාවක් බවට පත්ව තම ඇඳි වතද ගිනි ගත් බව දැනුන හෙයිනි. දෙවියන් සිහිවූ ඔහු ඇඳි වත කඩා දමා පරණ කමිසයකින් විලි වසාගෙන ගෙදරට දිව ගියත් මහ ? ගෙදර අය අවදිකර ගැනීමට නම් සෑහෙන වේලාවක් ගත වුණාලූ.