සැමියාත් දරුවනුත් පොලිසියේ දමා බිරිය යතුරුපැදියෙන් මහ ගෙදර ගිහින්


තම සැමියාත් දරුවනුත් දමා යතුරුපැදිය පමණක් රැගෙන පොලිසියෙන් එළියට බැස ගිය කාන්තාවක් පිළිබඳව දඹුල්ල ප‍්‍රදේශයෙන් වාර්තා විණි.
මේ දිනවල කාන්තාවන් අතර වඩා ජනප‍්‍රියවී ඇත්තේ ස්කූටර් වර්ගයේ යතුරුපැදියයි. මෙම යතුරුපැදිය නිසා පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි විශාල වශයෙන් ලැබෙන බවත් එම යතුරුපැදිය ”ඩිවෝස් බයිසිකල්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බව පොලිසිය කියයි.

එවැනි බයිසිකලයක් පදින්නට එපා යැයි දඹුල්ලට නුදුරු ප‍්‍රදේශයක අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුල පොලිසියට පැමිණිල්ලක් ලෙස ලැබී ඇත.

සැමියා පොලිසියට කියා ඇත්තේ බිරියගේ සහෝදරියක් විසින් මිලට ගෙන බිරියට දී ඇති මෙම යතුරුපැදිය නිසා තම බිරිය පිළිබඳ ඇති විශ්වාසය පලූදු වී නිවසේ ක‍්‍රියාකාරකම්, පවුලේ සමගිය හීනවී ඇති බවයි. එම නිසා යතුරුපැදිය තම නැගණියට දී දරුවන් දෙදෙනා සමග බිරියට නිවසට එන ලෙස සැමියා පොලිසියේදී ඉල්ලා ඇත.

පොලිසිය දෙදෙනාට කරුණු අවබෝධ කැර දුන්නද බිරිය ඊට අවනත නොවූවාය. ඇය කීවේ තමන්ට දරුවන් දෙදෙනාට හා සැමියාට වඩා යතුරුපැදිය අවශ්‍ය බවයි. පසුව ඇය දරුවන් හා සැමියාද දමා යතුරුපැදිය සමඟ නැවත මහ ගෙදරට පිටත්ව යන්නට යනබවය.

එහි සිටි පොලිස් නිලධාරීන් මෙන්ම වෙනත් පැමිණිලි සඳහා පැමිණ සිටි අයද මේ දෙස වඩා උනන්දුවෙන් බලා සිටියහ.