බුලත් විටක් නිසා බිරියගෙන් බැණුම් ඇසූ සැමියෙකු පිළිබඳ පුවතක් දෙල්වල ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු කාර්යාලයක සේවය කරන්නෙකි. පුරුද්දක් වශයෙන් නිතර බුලත් විට හපයි. ඔහු උදෑසනම බුලත් විටක් මිලදීගෙන පොඞ්ඩක් කා කට සෝදා පිරිසිදු කරගෙන වැඩට යයි.
විටේ ඉතිරි ටික දවල් කැමෙන් පසු හා සවස වැඩ ඇරී ඉතිරිය කා දත් මැද කට පිරිසුදු කරගෙන ගෙදර යන්නේ ඔහු බුලත් විට කන බව බිරිය දැන ගතහොත් බැණුම් ඇසීමට සිදුවන නිසාය. ඔහුගේ බුලත්විට කෑමට ඈ තදින් විරුද්ධය. එහෙත් ඔහු සුපුරුදු පරිදි බිරිඳට හොරෙන් විට හැපීම සිදු කරයි.
දිනක් හවස වැඩ ඇරී ගෙදර ආ පසු තම බිරියත් සමඟ කතා කිරීමට යාමේදී අද කොහෙන්ද ජරා ගොඩක් කාලා ආවේ” යැයි බිරිය ඔහුගෙන් ඇසුවේ නහය වසාගෙනය. තරු විසි වූ ඔහුට මතක් වූයේ අද දිනයේ ගත් බුලත් විටේ තිබුණේ මඩ පුවක් බවය. කොතරම් දත් මැද කට පිරිසුදු කළත් මඩ පුවක් ගඳ නොගොස් ඇති බව ඔහුට වැටහිණි. පසුව බිරිඳට ඇත්ත කියා බුලත්විට කෑමත් නැවත්තුවාලූ.

