සායනයේදී දොස්තරගේ ගුණ ගැයූ සංවිධායකට අපූරු පිළිතුරක්


(තිහගොඩ උපසේන ලියනගම)
සබරගමුව පළාතේ උපනගරයක පසුගියදා පැවති සෞඛ්‍ය සායනයකි. එහි අවසානයේ සංවිධායකවරයා ඒ සඳහා සහභාගි වූ වෛද්‍යවරුන්ට තම ස්තුතිය පළ කරන අවස්ථාවේ ප‍්‍රධාන වෛද්‍යවරයා ගැන විශේෂ සඳහනක් කොට එතුමා කරන සේවයට අනාගතයේ දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත‍්‍රයෙක්ව ඉපදේවායි ප‍්‍රාර්ථනා කළේය.


ඉතාම නිහතමානී වූ එම වෛද්‍යවරයා තම අවසන් කතාවේදී කී දෙයින් සංවිධායකවරයාට තරු පෙනිණි.


අපේ සංවිධායකතුමා මීළඟ ආත්මයේ මම දිව්‍යලෝකයේ දේව පුත‍්‍රයෙක් වෙන්න පැතුවා. ඒත් එහේ ලෙඞ්ඩු නැහැ. ඒ නිසා එහේ ඉපදෙනවාට වඩා ඊළඟ ආත්මෙත් මේ රටේම වෛද්‍යවරයෙක් වෙන්න මම පතනවා.


ඔහුගේ ප‍්‍රකාශයෙන් බලවත් සතුටට පත් පිරිස සිනාසෙමින් අත්පොළසන් දුන්නේ වෛද්‍යවරයාගේ ප‍්‍රාර්ථනාවට එකඟතාව පළ කරමිනි.