වාසනාව හොයා ගිහින් මුදලත් නැතිවෙලා


(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
ලොතරැයි වාසනාවක් පස්සේ ගිහින් අතේ තිබුණ මුදලත් නැති කර ගත්තු පුවතක් පසුගියදා දංකොටුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


බොහෝ අගහිඟකම් මැද්දේ ජීවත්වෙන මෙම පවුලේ සාමාජිකයන් සියලූම දෙනා විවිධ රැකියාවල නිරත වුණේ ජීවත්වීමේ සටන ජයගන්නටයි. ඒත් එය එතරම් පහසු නොවුණේ ඔවුන්ට හැමදාම රැුකියාව නොතිබුණ නිසාත් ඒ නිසාම ආදායමක් නොලැබුන නිසාත් බවයි වාර්තා වුණේ.


මේ පවුලේ තරුණියක් ටිකක් දුරින් පිහිටි ඇඟලූම් කම්හලක සේවය කළ අතර ඇගේ නමින් තැපෑලෙන් ආ ලියුමක සඳහන් වී ඇත්තේ ලොතරැුයි දිනුමක් ඇදී ඇති බවත් එය ලබා ගැනීමට බදු ලෙස රුපියල් 10,000 ක් රැගෙන කොළඹට එන ලෙසයි.


එදිනම සියලූම වැඩ නවතා රැකියාවෙන් නිවාඩුවක් ගෙන ණයට මුදලූත් සොයාගෙන මව, පියා හා එම තරුණියත් සමඟ ත‍්‍රිරෝද රථයක් කුලියට ගෙන කොළඹ ගොස් එම ලිපියේ සඳහන් දුරකතන අංකයකට කතා කළත් ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා බොහෝ රස්තියාදු වී ගෙදර ඇවිත් තියෙන්නේ ලැබෙන මුදලක් බලාපොරොත්තුවෙන් ගොස් තවත් ලොකු මුදලක් ණය වීමෙන් බවයි වාර්තා වුණේ.