යතුරුපැදියෙන් යද්දී බිරියගේ හවරිය සැමියාගේ සාක්කුවට වැටිලා


විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවී සිය යතුරු පැදියෙන් ආපසු එන විවාහක යුවළකගෙන් බිරියගේ අලංකාරවත් කෙස්වැටිය සැමියාගේ කලිසම් සාක්කුවට රිංගා ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ මාවනැල්ල ප‍්‍රදේශයෙනි.

මේ යුවළ පසුගියදා නගරයේ ප‍්‍රධාන හෝටලයක පැවැති මංගල උත්සවයකට සහභාගි වූයේ ජැන්ඩියට හැඳ පැළඳ ගෙනය. මංගල්‍ය උත්සවය නිමවීමෙන් පසු මේ යුවළ ආපසු නිවෙසට ඒම සඳහා තම යතුරු පැදියට නැඟ ගත්හ.

සැමියා යතුරුපැදිය පණ ගන්වා ඉදිරියට ඇදෙත්ම බිරිය තම හිස් වැසුම දා ගත්තාය. මඳ දුරක් යන විට බිරියට දැනුණේ හිස් වැසුම වැදීම නිසා තම කොණ්ඩයට අලූතෙන් එක් කළ හවරි කොටස ගැල වී ඇති බවය.

ක්‍ෂණිකව එය ගලවා ගත් ඇය යතුරු පැදිය පදවන සැමියාගේ සාක්කුවට එය ඔබත්ම ඔහු ”ඇයි දැයි” ඇසුවත් ඇය ”නෑ ඔහොම යං” කීවාලූ.