නැගෙනහිර පළාතට අයත් වෘත්තීය සේවාලාභීන් පුහුණු කරන ආයතනයකි. එහි පැමිණෙන අයගේ යතුරුපැදිවල ආරක්ෂිත හිස්වැසුම් ඉඳහිට සොරකම් කිරීම පිළිබඳව අසන්නට ලැබුණත් පසු කලෙක එය මහා පරිමාණයෙන් සිදුවීම නිසා ආරක්ෂක නිලධාරීහු සෙවිල්ලෙන් සිටියහ.
පසුගියදා ආරක්ෂිත හිස්වැසුම් හොරා අසුවිය. පුහුණුවට ආ සියලූදෙනාම එක්ව තම තමන් සතුව තිබූ ආරක්ෂිත හිස් වැසුම් සියල්ලම ඔහුට එල්ලා නගර මධ්‍යයෙන් පොලිසිය කරා පෙරහැරෙන් ගියේ අපූරු දර්ශනයක් මවමිනි.
සෙලවෙන හිස් වැසුම් ගොඩක් ලෙස ඈතට පෙනුන සොරාගේ දර්ශනයෙන් පොලිස් නිලධාරීහුද මවිත වූහ.
වැරදිකරුවකුවනතුරු මේ ආකාරයට අවමන් නොකරන ලෙස පොලිස් බලධාරීන් කීවත් මෙය මෙහෙයවූ අය කීවේ මොහු වරද පිළිගෙන ඇති බවක්ලූ.

