හෙතෙම කුලී වැඩ කර ජීවත්වන්නෙකි. දිනක් වැඩ සොයා නගරයට ගිය විට පාරේ වැටුණු මුදල් පසුම්බියක් ඔහුට හමුවිය. එහි රුපියල් තිස් දහසක්, විවිධ බැංකුවලට අයත් ක්‍රෙඩිට් කාඞ් කිහිපයකුත් තිබිණි. රාජකාරි හැඳුනුම්පතක් ද එහි විය. හැඳුනුම්පත හිමිකරුගේ රැුකියාව වූයේ ලෝකයේ ඉතාමත් සුළු කොටසකට පමණක් හිමි වන වැදගත් රැුකියාවකි. ඒ සමගම මුද්‍රිත දුරකතන අංකයක් ද එහි විය.
දුරකතන කුටියකින් එම අංකයට ඇමතුමක් ගත් ඔහු එයට පිළිතුරු දුන් තැනැත්තාගෙන් ”සර්ගේ පර්ස් එක නැති වුණා” දැයි ඇසීය. ”ඔව්. උදේ මගේ පර්ස් එක නැති වුණා. ඒකේ සල්ලියි ක්‍රෙඩිට් කාඞ් වගයකුයි තිබුණා. ඔයාට ඒක හම්බ වුණාද?’’ අනෙක් කෙළවරින් ඇසුනි. ”මම ඒක ඇහින්දා. සර් ඉන්නේ කොහේද? ඒක මම ගෙනත් දෙන්නම්” ඔහු පැවසීය. මුදල් පසුම්බියේ හිමිකරු තම නිවෙසට පැමිණෙන මාර්ගය පැහැදිලි කළේය. බසයකින් පැමිණ මුදල් පසුම්බිය ඇහිලූ තැනැත්තා අදාළ මාවතෙන් බැස, අංකය සහිත නිවෙස සොයන්නට විය. උස තාප්පයකින් වට වූ විශාල ගේට්ටුවක් සහිත නවීන පන්නයේ නිවෙස ඔහුට දැකගත හැකි විය. ඔහු විදුලි සීනුව නාද කළ අතර, ගේට්ටුව බාගෙට ඇරී සේවකයෙක් එළියට පැමිණියේය. ”සර්ගේ පර්ස් එක ගෙනාවද?” ඔහු විමසීය. එවිට අනෙකා මුදල් පසුම්බිය භාරදී ”රුපියල් තිස්දාහක් තියෙනවා ගණන් කරලා ගන්න” යැයි පැවසීය. මුදල් ගණන් කළ සේවකයා ”හරි හරි” යැයි පවසමින් ගේට්ටුව වසා දැමීය. පසුම්බිය භාරදුන් තැනැත්තා බස් නැවතුමට පැමිණියේය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය)

