මිනිබිරියගේ ජාතක පොත ඇතුළේ බොළඳ පෙම් කතාවක්


සිල් සමාදන්වීම සඳහා යාමට සූදානම්ව පන්සලේදී කියැවීම සඳහා ජාතක කතා පොත් වහන්සේ රැගෙන  යාමට සූදානම් වූ මිත්තනියක් මුහුණ පෑ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ ප‍්‍රකට ගුවන් තොටුපළක් ආශි‍්‍රත ගම්මානයකිනි.
 ඉතා සැදැහැවත් මේ මිත්තනිය දෙදින සීල ව්‍යාපාරයකට එක්වීම සඳහා තෙල් මල් පහන් රැගෙන යාමට සූදානම්ව සිල්ගත් පසුව කියැවීම සඳහා බිනිබිරියගේ පොත් රාක්කයෙන් ජාතක කතා පොත් වහන්සේ රැුගෙන යාමට සූදානම් වුවත් එහි වහා කඩාවැදුණු මිනිබිරිය පොත උදුරා ගත්තාය.
කිසිදු හේතුවක් නැතිව කළ මේ අවිනීත වැඬේ ගැන මිත්තනිය ඇගේ දුවට කී විට ඇය පොත යළි උදුරාගෙන බැලූවාය. පොතේ පිටකවරයේ ජාතක කතා පොත් වහන්සේ කියා ලියා තිබුණත් ඒ තුළ තිබුණේ පසුගිය කාලයේ ඉතා ජනපි‍්‍රයව පැවැති බොළඳ පෙම් කතාවක්ලූ.