මිතුරාගේ වාහනයේ යතුර කොට්ටෙ යට හංගලා


(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
උත්සවයකට ආරාධනා නොකිරීම නිසා උරණ වූ එක්තරා ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු එම උත්සවය සංවිධානය කළ ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ වාහනයේ යතුර බලෙන් රැුගෙන විත් කොට්ටය යට තබාගෙන නිදාගත් සිද්ධියක් වයඹ පළාතෙන් දැනගන්නට ඇත.


එක කාලෙක කිරි පැණි වගේ හිටපු මේ දේශපාලකයන් දෙන්නාට ඥාති සම්බන්ධයකුත් තියෙනවලූ. තම ඥාතියාගේ පිහිටෙන් බලය ගෙන හිටපු මේ ප‍්‍රාදේශීය දේශපාලකයා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ගේ ඥාතියා පිම්මක් ගැහුවත් එයා නම් හිටපු තැනම හිටියලූ.


මේ හින්දම ඥාතීන් අතර පොඩි අමනාපයක් ඇතිවෙලා තිබුණ හින්දා තමන්ගේ සහායෙන් ඉදිකරපු ගොඩනැගිල්ලක ආරම්භ කරන උත්සවේට අර කියපු ජ්‍යෙෂ්ඨයට ආරාධනා කළේ නැතිලූ. මේක දැනගත්තු ජ්‍යෙෂ්ඨයා උත්සවේ දවසේ එතෙන්ට ඇවිත් ලොකු ගෝරනාඩුවක් කරලා තමන්ගේ ඥාතියා වූ දේශපාලකයාගේ වාහනයේ යතුර අරගෙන විත් කොට්ටෙ යට තියන් නිදාගත්තලූ.