මැණිකකට හිත වැටී ලක්ෂයක රන්බඩු හොරෙකුට පුදලා


(අගලවත්ත එස්. මඩවල)
පොල්ගම්පොල පදිංචි කාන්තාවක් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට මතුගම නගරයට පැමිණි අවස්ථාවේ දී ඇය සමග කතාබහ කොට කුළුපගවීමෙන් පසු ව්‍යාජ රතු මැණිකක් ඇය අතට දී ලක්ෂ දහයක් වටිනා තවත් මැණිකක් ඇති බව පවසා ඇත.


එම කාන්තාවට එයට හිත ගොස් තම ගෙල බැඳි රන් මාලය හා මුදු දෙකක් ඇයට ගලවා දී මැණික් ගල ලබාගත්තේය.


එම මැණික් ගල පරික්ෂා කිරීමේදී ඉමිටේෂන් වීදුරු කැබැල්ලක් බව ස්වර්ණාභරණ අලෙවිසලකින් පවසා ඇත. ඇයව රවටා රුපියල් එක් ලක්ෂ විසිදාහක් වටිනා රන් ආභරණ පැහැරගෙන ගොස් ඇති බවට ද පොලිසියට පැමිණිලි කර ඇත.


මතුගම සහකාර පොලිස් අධිකාරි සුනිල් පියරත්න, මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්. චන්ද්‍රා පද්මලාල්, අපරාධ අංශයේ ස්ථානාධිපති රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.