මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්


පුතුන් දෙදෙනකු හා දුවරු තිදෙනකු බිහිකොට හදා වඩා දීග දී සිටි මේ මිත්තනිය ජීවත්වූයේ ස්වභාවික සම්පත් බහුල  ප‍්‍රදේශයකය. සිය සැමියා මියගිය පසු ලොකු පුතාගේ නිවෙස අසලම වූ කුඩා නිවෙසක සිටි ඇය කෑම බීම ගත්තේ ලොකු පුතාගේ නිවසෙනි.
පසුගිය කාලයේ හුදකලාව ගෙවල්වල සිටින කාන්තාවන්ට විවිධ කරදර සිදුවූ නිසා ඒ ගැන කී ලොකු පුතා නිදාගැනීමට තම නිවෙසට ඒමට  කී විට ඇය අපූරු කතාවක් කීවාය.
 ” ඕවා වෙන්නෙ  තම තමන්ගෙම වරදෙන්. කවුරු මොනව කීවත් කළත් දොර වහගෙන හිටියම ඉවරයි. මගේ ගෙදරට දොරටත් මහ රෑ කවුදෝ තට්ටු කරනව මම නෙමේ ඇහැ ඇරල බලන්නේ” මෙය ඇසූ ලොකු පුතාට තරුපෙණින මේ නිසාම පසුවදා රෑ මවටත් හොරෙන් සිය පුතා සමඟ රැක සිටියාය.
දොරට තට්ටු කරන හඬ ඇසෙත්ම ඔවුහු විදුලි පන්දම දැල් වූහ. හැමදාම එතැන ලැගීමට එන බල්ලා කැරකෙන විට වලිගය දොරේ වැදීමෙන් මේ හඬ ආවාලූ. මේ ගැන  කීමට ඔවුන් දොරට තට්ටු කළත් අම්මා නම් දොර ඇරියේ නැතිලූ.