මඟුල්ගෙදර ජරමරයක්


පන්සියයකට ආරාධනා කර තුන්සියයකට කෑම බීම සූදානම් කිරීම නිසා පිරිසක් අපහසුතාවට පත් වූ සිද්ධියක් වයඹ පළාතෙන් වාර්තා විය. 

ජයටම මංගල උත්සවය සූදානම් කිරීම ඔවුන්ගේ අරමුණ විය.

ඒ අනුව නගරයේ උත්සව ශාලාවක් ද වෙන් කරවාගෙන විවාහ මංගලෝත්සවයට සූදානම් විය. උත්සවයට 500කට ආරාධනා කළ අතර එතරම් පිරිසකට ආරාධනා කළත් ඉන් කොටසක් පමණක් එතියි නිවැසියෝ සිතූහ. ඒ අනුව තුන්සියයක් සඳහා පමණක් හෝටලයේ ඉඩ කඩ වෙන්කළේය. කෑම ඇනවුම් කළේ ද තුන්සියයකට පමණි. මංගලෝත්සවය දා නිවැසියන් නොසිතූ පරිදි ආරාධනා කළ සියල්ලෝම ආහ. මුලින්ම ආ පිරිසට ඉඳගැනීමට ආසන තිබුණත් පසුව ආ පිරිසට ආසන නොතිබිණි. ඔවුහු නගරයේ කඩයකින් දිවා ආහාරය ගෙන නැවත නිවෙස් බලා ආහ.