බිරියට පුතකු ලැබුණු පී‍්‍රතියට රෝහලට නොගොස් මිතුරන් එක්ක පාටි දාලා


(තිහගොඩ - උපසේන ලියනගම)
පවුලේ ගැහැනු දරුවන් තිදෙනකුම ලබා සිටි ඔහු මෙවර පුතකු අපේක්ෂා කළ අතර රෝහලේ හිතවතකු ඔහුට කීවේ බිරියට පුතකු ලැබී ඇති බවය.
පස්වනක් ප‍්‍රීතියට පත් ඔහු වහාම රෝහලට ගොස් ප‍්‍රවෘත්තිය සත්‍ය බව දැන මිතුරන්ට දුරකතන ඇමතුම් දුන්නේ සතුට වැඩිකමටය.


කතාව ඇසූ යහළුවන් කීවේ අදම පාටියක්  ඕනෑ බවය. මතට ලැදි ඔහු එදිනම සන්ධ්‍යාවේ මත්වතුර සාදය ආරම්භ කළේ බිරිය රෝහලේ නිසා නිදහසේ සතුට භුක්ති විඳීමටය.


මධුවිතෙන් ප‍්‍රබෝධමත්වූ යහළුවෝ විවිධ උද්‍යෝග පාඨ කියමින් සව්දිය පිරූ අතර එක් යහළුවකු ඔහුගෙන් විමසුවේ ”අලූත උපන් පුතා අම්මා වගේද තාත්තා වගේද?” කියාය.


මතින් අඩවන් නෙතින් ඔහු දෙස බැලූ මේ පියා ”මට මූණ නම් බලන්න බැරිවුණා මචං” කීවේ සියලූදෙනාම හිනස්සමින්ලූ.
අගනුවරට ආසන්න ප‍්‍රදේශයක වූ සත්‍ය සිදුවීමකි.