(වියලූව වාර්තාකරු)
තමා ගමන් ගත් බසයේ සීනුව නාද නොවුනේ යැයි උරණ වූ තරුණයකු බස් කොන්දොස්තරගේ කනට ගැසූ බව කියැවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
එය ඌව පළාතේ ප‍්‍රධාන මාර්ගයක ගමන් ගත් බසයකි. බස් රථය මගීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි. බසයේ සිටි තරුණයකු තම බසින ස්ථානය ළඟා වීමත් සමගම එහි සීනුව නාද කරන්නට වූයේ බසයෙන් ඉක්මනින් බැස ගන්නටය. සීනුවට සම්බන්ධ ලණුව කීප විටක් ඇද්දද බසයේ සීනුව නාද නොවූ අතර බසයද වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.
තමා බසින ස්ථානය පසුවූ තරුණයාගේද ඉවසීමේ සීමාව පැන්නේය. ඔහු ඉදිරියට පැමිණ කොන්දොස්තර සමග කතාවකට පැටලූණේ ඔහුට තම අයිතිවාසිකම් ගැනද කියා දෙමිනි. වචන දෙක තුන මාරුවෙද්දී තරුණයාගේ අත කොන්දොස්තරගේ කන හරහාද එහා මෙහා ගියේ තරුණයාගේ ඉවසීමේ සීමාව ඉක්මවූ නිසාය.
පරදීමෙන් පසු ඉබේම නතරවූ බසයෙන් තරුණයා බැස ගියේ හිතේ කේන්තියෙන් පුපුරා යමිනි. තමාට පහරදුන් තරුණයාට පාඩමක් ඉගැන්වීමට සිතූ කොන්දොස්තරවරයාද බසයෙන් බැසගොස් රෝහල් ගතවූයේ කන් ඇසීමේ දුර්වලතාවයක් ඇති බව එහි සිටි අයට පවසමිනි.

