බඩු ආනයන බලපත අවුරුදු 300 කින් දීර්ඝ කරලා


(තිහගොඩ - උපසේන ලියනගම)
බස්නාහිර පළාතේ විදේශීය භාණ්ඩ ආනයනයට සම්බන්ධ ආයතනයකි. විදේශවලින් යම් යම් භාණ්ඩ ආනයනය කිරීම සඳහා වාර්ෂික බලපත් දීම මෙම ආයතනයෙන් සිදුකළ අතර බලපත‍්‍රලාභී සමාගම් වාර්ෂිකව තම බලපත‍්‍ර අලූත් කරගත යුතු විය.


මෙම ආයතනය පසුගියදා නිවේදනක් නිකුත් කළේ වසරක් සඳහා දී ඇති බලපත‍්‍ර 2015 වසරට අලූත් කර ගන්නා ලෙසයි.


මේ නිවේදනය ලද එක් සමාගමක් තමා වෙත පසුගිය වසරේ දුන් බලපත‍්‍ර 2015 වසරට අලූත් කර ගන්නා ලෙසයි. මේ නිවේදනය ලද එක් සමාගමක් තමා වෙත පසුගිය වසරේ දුන් බලපත‍්‍රය පරීක්‍ෂා කළවිට අන්දමන්ද වූයේ එම බලපත‍්‍රය 2014.01.01 සිට 2405.01.01 දක්වා වසර තුන්සිය අනූ එකකට දිගු කර දී ඇති බව පෙනි ගිය හෙයිනි. තවත් වසර තුන්සිය අනුවක් තමාගේ බලපත‍්‍රය වලංගු බව එම සමාගම අදාළ ආයතනයට විහිළුවට කීවත් ඔවුන් සමාවගෙන එය නිවැරදි
කර දුන්නාලූ.