වේලාව දහවල් එකොළහට පමණ ඇත. අක්මීමන ප‍්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකට පුද්ගලයෙක් ගොඩවිය. එම අවස්ථාවේ එහි සිටියේ එම ආයතනය හිමි කාන්තාව පමණි. තමා ප‍්‍රසිද්ධ සමාගමක අලෙවි නියෝජිතයකු බව ඔහු ඇයට පැවසුවේය.
මිස් අප ළඟ අයිටම්ස් අටක් තියෙනවා. මේවා ගත්තම අපි මිස්ට නොමිලේ ෂෝරූම් එකක් දෙනවා. කියමින් ඔහු තමාගේ අතේ තිබු රූපලාවන්‍ය උපකරණ ලැයිස්තුවක් කියවා ගෙන ගියාය.
එහෙත් ඇය කීවේ තමාට ඒ සඳහා වැය කිරීමට එතරම් මුදලක් නොමැති බවය. ඔහුද තම උත්සාහය අතහැරියේ නැත.
මේක ගත්තොත් මිස්ගේ බිස්නස් එකට ලොකු හයියක්. එහෙනම් අයිටම් දෙක තුනක්වත් ගන්න.
අවසානයේ ඇය ඔහුගේ පෙරෙත්ත කිරීම නිසා එකක් මිලදී ගැනීමට තීරණය කළාය. එහි මිල රුපියල් තුන්දහස් හයසීයකි. ඔහු එම අවස්ථාවේම මුදල් ඉල්ලූවේය. එහෙත් ඇය කීවේ පසුව දෙන බවය.
අයියෝ මිස් අපි අවිශ්වාසද? එහෙනම් ඉතිං ඕඩරය කැන්සල් කරන්න වෙනවා. දැන් සල්ලි දුන්නොත් පැය දෙකකින් බඩු එවනවා. අවසානයේ ඇය තමා සන්තකයේ තිබූ රුපියල් තුන්දාස් හය සීයක් එකතු කර දුන්නාය. පැය දෙකක් ඇතුලත බඩු එවන බව කියා ඔහු වහාම පිටත්ව ගියේය.
එහෙත් දින දෙකක් යනතුරුත් ඇයගේ ඇනවුම ලැබුණේ නැත. තමා හොරෙකුට අසුවී ඇති බව ඇය පැවසුවාය.

