දකුණු පළාතේ පෙර පාසලක සිංහල අලූත් අවුරුද්ද සඳහා පැවති උත්සවයකට ත්‍යාග ලබා ගැනීම සඳහා සංවිධායකයෝ ගමේ ප‍්‍රභූන් කීප දෙනකු හමුවට ගියහ.
ගමෙහි පදිංචි ග‍්‍රාමීය මට්ටමේ විපක්‍ෂ දේශපාලකයකු හමුවටද මේ කණ්ඩායම ගියේ මේ සඳහා උදවු අපේක්‍ෂාවෙනි. ‘‘මොකක්ද මගෙන් කෙරෙන්න ඕනෑ’’ දේශපාලකයා ඇසීය. ‘‘තරගාවලියෙන් දිනන දරුවන්ට තෑගි දෙන්නයි බලාපොරොත්තුව, සල්ලි වුණත් කමක් නෑ’’ සංවිධායකවරයෙක් කීය. ‘‘හරි මම කාලීන වැදගත් තෑග්ගක් මේ දරුවන්ට දෙන්නම්. මගෙන් කුප්පි ලාම්පු දහයක් ලියාගන්න’’ ඔහු කීවෙන් සංවිධායක වරු අන්ද මන්ද වූහ. කමක් නෑ කියාගෙන ඔවුන් එතැනින් ගියත් කුප්පිලාම්පු ගෙන ඒමට ආපසු ඒ නිවෙසට නම් ගියේ නැතිලූ.

