දකුණු පළාතේ වෙරළබඩ උපනගරයකි. ග‍්‍රාමීය ප‍්‍රාදේශයක් කරා යාමට නියමිත බසයකට අවුරුදු අටක් තරම් වූ කොලූ ගැටයෙක් හා ඔහුගේ මව යැයි සිතිය හැකි කාන්තාවක් පසුපස දොරෙන් ඇතුළුවී ආසනයක වාඩි වූහ. දරුවා තදබල දත් කැක්කුමකින් පෙළෙන බව පෙනෙන්නට තිබිණි.
මොහොතකින් ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වූ තෙල් බේත් අලෙවිකරුවකු දත් කැක්කුමට ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ තමා ළඟ ඇති බව කීවෙන් පසුපස අසුනේ සිටි කාන්තාව ඔහු කැඳවීය. ඔහු තම ඖෂධයෙන් මදක් දරුවාගේ දත්වල තැබීය.
මොහොතකින් දරුවාට පුදුම සුවයක් ලැබිණි. දරුවාගේ මව සතුටටත් විමතියටත් පත්වූ බව පෙනිණි. වටපිටවූවෝ එම ඖෂධය මිලදී ගත්තේ එහි ගුණය එතැනදීම පෙනුණ හෙයිනි.
වෙළෙන්දා සෑහෙන මුදලක් එකතු කරගෙන බැස ගියත් දරුවාගේ මව බෙහෙත් ගුණය ගැන කතා කරමින් සිටින විට පිටත බැලූ දරුවා කලබලයට පත්ව ”අම්මේ තාත්තා තව බස් එකකට නැග්ගා. ඉක්මනට නොගියොත් බැණුම් අහන්න වේවි” කීවෙන් මේ නාඩගමට රැවටුන අයට යකා වැහුනාලූ.

