(පුත්තලම - ජූඞ් සමන්ත, හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු සහ පුත්තලම අතිරේක බුද්ධි ලක්ෂාන්)
පොලිස් අණ නොතකා ධාවනය වූ බව කියන කුඩා ලොරියකට වෙඩි තබා එය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී විෂ ඇට ශරීරගත වී මිය ගිය අයකුගේ මළ සිරුරක් හමු වූ බව පල්ලම පොලිසිය කියයි.
පෙරේදා 04 වැනිදා රාත‍්‍රි 10.00ට පමණ මෙම සිද්ධිය වී ඇත. ආඩිගම - කීරියන්කල්ලිය මාර්ගයේ දේවාලහන්දිය ප‍්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කිරීමට පල්ලම පොලිසියේ නිලධාරීන් කටයුතු කර ඇත.
වෙඩි ප‍්‍රහාරයෙන් පසුව නවත්වා ගත් ලොරිය පරීක්ෂා කරන විට ලොරියේ සිටි අය පවසා ඇත්තේ තමන් අසාධ්‍ය තත්ත්වයේ රෝගියකු රෝහල කරා රැුගෙන යමින් සිටින බවයි. ඒ අනුව ලොරියේ පිටුපස කොටස පරීක්ෂා කර බලන විට කොටසේ මිය ගොස් ඇති පුද්ගලයකුගේ සිරුරක් ඇති බවක්ද පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිවී ඇත.
ලොරිය පැදවූ බව කියන ආඩිගම - ගල්කුලිය පදිංචිකරුවකු පොලිස් වෙඩිපහරින් සුළු තුවාල ලබා ඇත. ඔහු මේවන විට හලාවත මහා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. මළ සිරුර මුන්දලම දිසා රෝහලේ තැන්පත් කර ඇත.

