(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවරට මදක් දකුණෙන් වූ උප නගරයක පාර අයිනේ කොමඩු වෙළඳාම් කරමින් සිටි වෙළෙන්දකුට උදව් කිරීමට හදිසියේම ආ තරුණයින් දෙදෙනකු එම වෙළඳුන්ටද ගැටලූවක් විය.
උදේ පාන්දර සිට කොමඩු විකුණමින් සිටි ඔහු ළගට දවල් එකොළහට පමණ මෙසේ දිව ආ තරුණයින් දෙදෙනා පැණිකොමඩු ලාබයි කියමින් කෑගසමින් වෙළඳාමට සහය වූහ.
එහෙත් මොහොතකින් ඒ සමීපයට ආ පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ තරුණයින් දෙස උකුසු ඇස් යොමු කරන විට යමක් තේරුම්ගත් වෙළෙන්දා ද ‘‘මල්ලි ටිකක් හයියෙන් කෑගහන්නකො’’ කීවේය. තරුණයින් දෙදෙනා තම ගෝලයන් බව පෙන්වීමටය. පොලිසිය එතැනින් පිටව ගිය පසු අපේ වැඬේ හරිගියා අපිත් කොමඩු කනවා අයියේ කියමින් තරුණයන් දෙදෙනා ඉවත්ව ගියේ පැණිකොමඩු කියා පොලිසියෙන් ගැලවුණු අයුරු සිහිකරමිනි.

