ලේලිය විසින් නැන්දම්මාගෙන් තමාට එල්ලවූ දෝෂාරෝපණ ලැයිස්තුවක් තම ස්වාමි පුරුෂයාට පෙන්වීමේදී ඔහු අන්දමන්ද වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයෙනි.
තම මවගේ සැර පරුෂ බව නිසාම විවාහයෙන් වැළකී සිටි මේ එකම පුතා අම්මාගේ බලවත් ඉල්ලීමකට අනුව පසුගියදා විවාහයට එකඟ විය.
ඔහුගේ අත ගත් රැකියා විරහිත ගැමි තරුණිය සමග කෙටි උත්සවයකින් පසු ගෙදරට ආවේ සතුටෙනි. පසුව ඔහු කොළඹ පිහිටි තම කාර්යාල සේවයට ගියේ අම්මා මොනවා කීවත් කතාවට නොයන ලෙස උපදෙස් දෙමිනි. ඉවසිය නොහැකි නම් ඒවා එකින් එක කඩදාසියක ලියන ලෙස ද ඔහු කීවේය.
පසුගිය දා දින හතරේ නිවාඩුවට ගෙදර ආ ඔහුට ඇය දුන්නේ නැන්දම්මා තමාට එල්ල කරන ලද චෝදනා ලැයිස්තුවකි. එහි චෝදනා 87 ක් වූයෙන් ඔහු අන්දමන්ද වූ අතර ‘‘ඔය ඉවසන්නම බැරි ඒවා විතරයි’’ ඇය කීවිට ඔහුට දෙවියන් සිහිවුනාලූ.

