දේශමාන්‍යගෙන් තරුණයකුට පොලූ පහරක්


(තිහගොඩ උපසේන ලියනගම)
අල්ලපු ගෙදර සමග ගැටුමක් ඇති කරගෙන එක් අයකුට පහරදී ඔහු රෝහල් ගත කළ පසු ඊට සම්බන්ධ විත්තිකරුවකුගෙන් පොලිස් කටඋත්තර ගැනීමේ දී නම ඇසූ විට ”දේශමාන්‍ය දේශ ශක්ති” නම්බු සමග නම් කිරීමෙන් එය සටහන් කරමින් සිටි පොලිස් නිලධාරියා උඩ බිම බැලීය. නම කියන්නැයි පොලිසිය ඔහුට කීවේය. යළිත් නම්බු නාම කියන්නට විය.


ඔහු ගමේ ප‍්‍රජා සේවා කටයුතුවල මෙන්ම දේශපාලන කටයුතුවල ද පෙරමුණ ගෙන ක‍්‍රියා කළ අයෙකි. මේ නිසාම ප‍්‍රදේශයේ ආයතන කීපයකින් ”පිනා” සම්මාන නාම පිරි නමා තිබිණි.


ගමේ ගැටුමක් උත්සන්න වී අසල්වැසි තරුණයාට දේශ මානයට දුන් පොලූ පහරින් ඔහු රෝහල් ගත විය. ”නම්බුකාර පට්ටම්” ටික උසාවියට කියනවා. දැනට උප්පැන්නයේ නම කීවාම ඇතැයි” පොලිසිය ඔහුට කීවාලූ.