දුවගෙ රචනාවෙන් තාත්තාගෙ හොර අහුවෙලා


(තිහගොඩ - උපසේන ලියනගම)
සබරගමුව පළාතේ උපනගරයක වූ කාන්තා පාසලක පසුගියදා සිංහල ගුරුතුමිය නිරෝගීකම පිළිබඳව උපදේශනාත්මක පාඩමක් ඉදිරිපත් කරමින් ‘‘ආරෝග්‍යා පරමා ලාභා’’ යන උපහැරණය ද ඉදිරිපත්කොට මේ යටතේ කුඩා රචනාවක් ලිවීමට සිසුවියන්ට දී පසුව ඒවා පරීක්‍ෂා කළාය.


පොත් කීපයක් පරීක්‍ෂා කරමින් යන අතරතුර එක් සිසුවියක තමා දුන් උපහැරණය වෙනුවට ‘‘ආරෝග්‍ය ශාලා පරමා ලාභා’’ යැයි ලියා තිබෙනු දැක ඒ ගැන විමසුවාය. ඇය සිතුවේ වැරදීමකින් එසේ ලියන්නට ඇත කියාය. එහෙත් සිසුවිය කීවේ ‘අපේ තාත්තා  ඕක කියන්නෙ එහෙමයි’’ කියාය. තාත්තා කරන්නෙ මොකක්ද? එයා ගුරුවරයෙක්ද’’ ගුරුතුමිය ඇසුවේ විමතියෙනි.


‘‘නෑ ටීචර් තාත්තා වැඩ කරන්නෙ ඉස්පිරිතාලෙ. හැමදාම ගෙදර එනකොට ලාබෙට ගත්ත කියල පලතුරු, බිත්තර, එහෙම ගෙදර ගේනවා. මේ ගැන අම්මා ඇහුවම තමයි ‘‘අරෝග්‍ය ශාලා පරමා ලාභා කියන්නෙ’’ ඇය කීවේ ගුරුතුමිය තවත් විමතියට පත්කරවමින්ලූ.