දුම්රියේ ගිය කතුන්ගේ ළැම අත ගෑ අනංගයා කූඩුවේ


(බදුල්ලේ පාලිත ආරියවංශ)
දුම්රියේ ගමන් කරන කාන්තාවන් ළඟ වාඩි වී බිංගෙවල් හමුවන විට කාන්තාවනගේ ළැම අතගාන අමුතු තාලයේ අනංගයකු ගැන ඇල්ල පොලිසියෙන් වාර්තා වේ.


උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හා දෙමෝදර අතර කොටසේ හමුවන බිංගෙවල්වලදී ඔහු මෙසේ හැසිරෙන බවට ලැබුණු තොරතුරක් මත සිවිල් ඇඳුමින් සැරසීි සෝදිසියෙන් සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.


තනිවම දුම්රියට ගොඩවන කාන්තාවන් ගැන සෝදිසියෙන් සිට යාප්පුවෙන් ළංවී ඔහු මේ අයුරින් හැසිරෙන බවද අනාවරණය වී තිබේ.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හා සහකාර පොලිස් අධිකාරී රංජිත් කොට්ච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති එල්.ඞී.එන්. කරුණාරත්න මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.