දරුවාගේ බර කිරද්දී මවත් තරාදියට නැඟලා


(මාවනැල්ල විශේෂ - සමන් විජය බණ්ඩාර)
ළමයාගේ බර කිරන්න ගිහින් ළමයා වඩාගෙන අම්මා බඩු මල්ලත් රැුගෙන බර කිරන යන්ත‍්‍රයට නැගීමේ පුවතක් හෙම්මාතගම රෝහලෙන් අසන්ට ලැබුණි.
සිද්ධිය මෙසේය.


අඟහරුවාදා හෙම්මාතගම සතිපොළ පැවැත්වෙන නිසා මේ කාන්තාවත් අසල ගමක සිට බසයෙන් නගරයට පැමිණ පොළෙන් බඩුද රැගෙන හෙම්මාතගම රෝහලට ගොස් ඇත්තේ තම දරුවාගේ බර කිරීමටය. එහි ගිය ඈ එහි බර කිරන තරාදියට නැග ඇත්තේ සොපින් එකේ දමාගත් බඩුත් ළමයාත් සමගය.
එය දුටු ප‍්‍රධාන වෛද්‍යවරයා එම මවට පිරිස ඉදිරියේ බැණ වැදී ඇති අතර එය දුටු සියලූදෙනා සිනා සුණේය.