මතට ලොල්වූ පුද්ගලයෙකු පසුගියදා ප්‍රාදේශීය දේශපාලනඥයකු සමග තම නායකයා හමුවීමට යාමට සූදානම් වන විට සිය බිරිඳ එයට දැඩි විරෝධය පෑ විට දබර වී බිරිඳගේ දත් දෙකක් කඩන බව පවසා නිෙවසින් පිටව ගොස් තමාගේ දත් හතරක් අහිමි කරගෙන ආපසු නිෙවසට පැමිණීමේ සිද්ධියක් දකුණේ රතුපාටට හුරු ගමකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු එක්තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ හිතවතකු වූ අතර ඔහු කියන ඕනෑම දෙයක් එක පයින් ඉටු කිරීමට දෙවරක් නොසිතුවේය. එයට හේතුව වැඩේ හමාර වූ වහාම මත්වතුර හා සන්තෝසම් ලැබෙන බැවිනි. කෙසේ වුවද මෙම දේශපාලනඥයා නිසා මොහු මීට පෙර අමාරුවේ වැටුණු අවස්ථා බොහෝය.
කෙසේ වුවද මෙම දේශපාලනඥයා ඔහුට අගනුවර පැවැත්වෙන රැස්වීමකට යාමට කතා කළේ දහසින් බැඳි පියලි දෙන බව පවසමිනි. උද්දාමයට පත් ඔහු නිෙවසට පැමිණියේ සූදානම් වී ඉක්මනින් බස් රථය බලා පිටත්ව යාමටය.
සැමියා ගැන මෙන්ම දේශපාලනඥයා ගැන හොඳින් දන්නා බිරිඳ එයට තදින්ම විරුද්ධ වූ බැවින් එය මහා කලබැගෑනියක් බවට පත් වූ අතර අසල්වැසියන් පැමිණ සිද්ධිය සමථයකට පත් කළද ඔහු යක්ෂාවේෂ වූවෙකු මෙන් නිෙවසින් පිට වූයේ පැමිණි වහාම බිරිඳගේ දත් දෙකක් බඩට යවන බව පවසමිනි.
කෙසේ වුවද එහිදී සිදු වූ අවාසනාවන්ත තත්වය හමුවේ ගාලු මුවදොරට ගිය මෙම පුද්ගලයාට සිදුවූයේ තමාගේ දත් හතරක් අහිමිකරගෙන බේරේ වැවෙන් සිසිල් වතුර නා බඩ පුරා දියවන්නා ජලය පානය කර දින දෙකකට පසු නිෙවසට පැමිණීමටය.
ඔහු නොපැමිණීම ගැන මහත් බියෙන් පසුවූ බිරිඳ ඔහු නිෙවසට පැමිණි පසු ඉතා කාරුණිකව රහසේම නිෙවස තුළට ගෙන ගොඩ වෙදකම් කර තරමක් සුව වන විට දැක ගන්නට ලැබුණේ ඔහුගේ දත් හතරක්ම අහිමි වී ඇති බවය. පසුව ඒ බව තම සහෝදරයාට පවසා තිබුණේ මේ බව කිසිවකුට නොපවසන ලෙසද ඉල්ලමිනි.
කෙසේ වුවද පසුව අසල්වැසියන් සිද්ධිය පිළිබඳ දැනගෙන 50%ක් වැඩිපුරත් ලැබිලා යැයි පවසා රස විඳින්නේ මෙම පුද්ගලයාගේ ක්‍රියා කලාපය ගැන දන්නා නිසාලු. මෙය රහසක් වුවද මොහු මේ දක්වා නිවසින් බැහැරව ගොස් නොමැති අතර දේශපාලනඥයා මේ දක්වාම මොහු බැලීමට පැමිණ නැත.
රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන