තීන්ත ගාන්න ආ මාමා අනුන්ගේ තාප්පවලත් තීන්ත ගාලා


අගනුවරට ආසන්න උපනගරයක පදිංචි මේ අඹුසැමි යුවළ සේවය කළේ සමුපකාරයට සම්බන්ධ ආයතනයක. පසුගියදා අලූත් අවුරුද්දට ගේ අස්පස් කොට සායම් ගෑ ඔවුහු පාර දිගට වූ තාප්පයෙහි තමාට අයත් කොටස ද පිළිසකර කිරීමට සූදානම් කළහ.
ඔවුන්ට මෙය කළ නොහැකි නිසා දුර බැහැර ජීවත් වූ බිරිඳගේ ඥාතියකු වූ සායම් බාස් කෙනකුට වැඬේ පැවරීය.
”මෙම තාප්ප කෑල්ලෙ සායම් ගාන්න. අපි වැඩට ගිහිං සවස එන්නෙ. තීන්ත මදි වුණොත් කඩෙන් ගෙන්න ගන්න. අපි කඬේට කියල යන්නම්” කී ඔවුහු තීන්ත කඩයේ නම ද කියා වැඩට ගියහ.
සවස ගෙදර ආ ඔවුන්ට දකින්නට ලැබුණේ තමාට අයත් කොටසේ පමණක් නොව ගෙවල් තුනක් දිගට විහිදී තාප්පයේ මුළුමනින්ම තීන්ත ආලේප කර ඇති බවකි.
”එළිය පැත්තෙ නම් දිගටම ගෑවා. ඒත් ඇතුළු පැතිවල ගානවට ගෙවල්වල කට්ටිය එච්චර කැමති වුණේ නැහැ” ඥාතියා කීමෙන් මේ ජෝඩුවට තරු පෙනුනලූ.