බසයක් සමග තරගයට පිම්පේ ගිය බස් රථය මුල් බසය ඉස්සර කිරීමෙන් පසුව වේගය අඩු වුණේ බාල තෙල් නිසා බව එහි රියැදුරු ප‍්‍රකාශ කිරීම නිසා බසයක් තුළ කලබලයක් හට ගත්තේය. එය මහනුවර ප‍්‍රදේශයේ දුෂ්කර ප‍්‍රදේශයකට යන බසයකි. මෙම මාර්ගයේ ප‍්‍රධාන මාර්ගයෙන් හැරීම සඳහා කිලෝ මීටර් 15ක් පමණ යා යුතුය. ඒ අතරතුර මාර්ගයේ ගමන් කරන අනෙක් බස් රථ අභිබවා යාමට තරඟයට ධාවනය කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. මෙදිනද බස් රථය ධාවනය වූ අර පිටුපසින් පැමිණි අනෙක් බසය සමග තරඟයට ධාවනය වීම සිදු විය. කිලෝමීටර් පහක් පමණ එක පිම්මට හැටට හැටේ ගමන් කර පිටුපසින් පැමිණි බසය ඉස්සර කිරීමත් සමග එක්වරම බස් රථයේ වේගය බින්දුවට බැස ගියේය. බසයේ සිටි මගියකු මොකද ඩ‍්‍රැයිවර් මහත්තයෝ වේගය අඩු වුණේ යැයි ඇසූ විට රියැදුරු මහතා ප‍්‍රකාශ කළේ බාල තෙල් වගයක් ලැබිලා ඒකයි මේ ...... ඉතින් වෙන මොනවා කරන්නද?

