රැකියාවක නියුතු තරුණියකි. දිනක් ඇය යෙහෙළියක් සමග ඔරලෝසු සාප්පුවකට ගොඩවූයේ ළඟ එන තම උපන් දිනය වෙනුවෙන් අත්ඔරලෝසුවක් මිලදී ගන්නා අදහසිනි. ඔවුන් විවිධ මාදිලියේ ඔරලෝසු පරීක්ෂා කරන අතරේ ඔවුනගේ හිත ඇඳී ගියේ රුපියල් තුන්දහසක් වටිනා අත්ඔරලෝසුවකටය. පසුව මිලදී ගන්නා අදහසින් ඔවුහු සාප්පුවෙන් පිටවූහ.
උපන් දිනයදා වටිනා කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක්ද රැුගෙන තරුණිය තම කාර්යාලයට පැමිණ කාර්යය මණ්ඩලයට තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වූවාය. සැවොම තළු මරමින් කේක් රස බැලූහ. ”හැමදාම ‘‘බර්ත් ඬේස්” තියනවා නම් කොච්චර හොඳද” නිලධාරියෙක් පැවසුවේ තවත් කේක් කෑල්ලක රස බලමිනි. සේවය නිමා වී තරුණිය ඔරලෝසු සාප්පුවට ගොස් පෙර කී අත් ඔරලෝසුව මිලදී ගෙන පාර්සල් කරවා ගත්තාය. නිවෙසට පැමිණි විට ඇයගේ සොහොයුරා, ”අක්කේ ඔෆිස් එකෙන් ඔයාගේ බර්ත් ඬේ එකට මොනාද ලැබුණේ” යනුවෙන් විමසීය. ඇය තමා මිලදී ගත් කුඩා පාර්සලය ඔහු අත තැබුවාය. සොහොයුරා පාර්සලය විවෘත කළ විට දක්නට ලැබුණේ අලංකාර අත්ඔරලෝසුවකි. ”අක්කාගේ ස්ටාෆ් එකේ අය කොච්චර හොඳද” සොහොයුරා පැවසීය. ඇය නිහඬව සිනාසුනාය.

