ඡන්දෙ දුන්නේ කාටදැයි පෙන්නන්න ගිහින් අමාරුවෙ වැටිලා


(තිහගොඩ උපසේන ලියනගම)
තමා කිසියම් දේශපාලන පක්‍ෂයක ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුට ඡන්දය ප‍්‍රකාශ කළ බව සාක්‍ෂි ඇතිව පෙන්වීම සඳහා ඡන්දය ලකුණු කළ පති‍්‍රකාවේ ඡායාරූපයක් ගැනීමට ගිය ඡන්ද දායකයකු ඡන්ද මධ්‍යස්ථානාධිපති විසින් පොලීසියට අල්ලා දීමේ සිදුවීමක් තිහගොඩ පුහුල්වැල්ල විහාරස්ථානයක ඡන්ද මධ්‍යස්ථානයකින් වාර්තා වේ.


 මෙම ඡන්දදායකයා කලක් කිසියම් දේශපාලන පක්‍ෂයකට දැඩිසේ උදව් කළත් මෙවර වෙනසක් කරන බව කියා ඇත. නමුත් කිසිවකු එය විශ්වාස කළේ නැත. මේ නිසා ඔහු එම අපේක්‍ෂකයාගේ ලකුණට ඡන්දය දුන් බව තහවුරු කිරීමට ඡන්ද පති‍්‍රකාවේ ඡන්දය ලකුණු කිරීමෙන් පසු තම අත වූ ජංගම දුරකථනයෙන් එම රහස්‍ය කාමරය තුළදීම එහි ඡායාරූපයක් ගෙන ඇත.


මෙය දුටු ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා වහාම ආරක්‍ෂක අංශයට දැන්වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිහගොඩ පොලිස් ස්ථානයට භාරදුන් අතර තමා මෙය නීති විරෝධී බව දැන නොසිටියේ යැයි කීවත් ඉන් පලක් වූයේ නැතිලූ.