(මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර)
පසුගිය අටවැනිදා ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා කා අතරත් තිබුණේ පුදුම විදිහේ උනන්දුවකි. රෝහලේ ලෙඩ ඇඳේ සිටි රෝගී අය පවා උස්සාගෙන විත් ඡන්දය දමා තම ජනාධිපති අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවන්නට ඇතැම්හු උනන්දු වූහ.
මාවනැල්ල හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලීය ඡන්ද මධ්‍යස්ථානයෙත් එම උනන්දුව ඒ ආකාරයෙන්ම තිබෙනු දැක ගත හැකිවිය. උදේ කාලයේ කවුරුත් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම තිබෙනු දැකගත හැකිවිය. උදේ කාලයේ කවුරුත් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා තම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිටිනු දැකගත හැකිවූ අතර එම පෝලිමේ වැඩි වශයෙන් කාන්තාවන් සිටිනු දැක ගත හැකිවිය. මේ අතර වයස අවුරුදු 70ක් පමණ කාන්තාවක් වුවාය. විටින් විට පෝලිමේ සිටින අතරවාරයේදී පවා තම අතේ තිබූ ඡන්දකාඞ් පත බලමින් කාලය ගත කළ අතර ඇස් පෙනීම තරමක් අඩු මට්ටමක තිබුණු බව ඇය ඡන්දකාඞ් පත බලන ආකාරයෙන්ම අන් අයට නිරීක්‍ෂණය විය. තමන්ට ඡන්දය දැමීමේ වාරය එළඹිණි. අන් අය සේම එහි සිටින පක්‍ෂ විපක්‍ෂ හා රාජ්‍ය නිලධාරීන්ට තම ඡන්දකාඞ් පත හා හැඳුනුම්පත ඉදිරිපත් කර ඡන්දය දැමීමට ගියේ එහි තිබුණු ඡන්ද පති‍්‍රකාවක් අතැතිවය. එහෙත් ඇය ඡන්දය දැම්මේ ප‍්‍රමාදයක් ඇති බව තේරුම් ගත් එහි සිටි රජයේ නිලධාරියෙක් මෙසේ විමසීය.
”මොකද අම්මේ පේන්නේ නැද්ද?”
”ඔව් පුතේ කණ්ණාඩිය ගේන්නත් බැරිවුණා මට මේකේ අර පීනන එකා ඉන්න තැනයි බුලත් කොළයයි පෙන්වනවද?
වහාම කි‍්‍රයාත්මක වූ නිලධාරියා එම සලකුණු දෙක පෙන්වා එම මව අසලම සිටියේ තවත් යමක් අසයි දෝ කියා වන්නට ඇත.
එකවරම ඇය මෙසේ පවසන්නට විය.
”හරි පුතේ දැන් යන්න මම දැන් මාගේ වැඬේ කරන්නම්” කියා ඇය තම මනාපය ලබා දුන්නේ එම මධ්‍යස්ථානයේ බොහෝ දෙනෙකු සිනා ගන්වමිනි.

