(තිහගොඩ - උපසේන ලියනගම)
ග‍්‍රාමීය උප නගරයක් ආසන්න පොලිස් ස්ථානයකට පසුගියදා කාන්තාවක් තම දරුවා සමඟ උදෑසනම දිවගෙන ආවේ තමාට සැමියා පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. එය ලියා ගැනීමට පෙර තොරතුරු විමසත් දී පහර දුන් සැමියා ද එතැනට ආවේය.
‘‘මම වැඩ ඇරිලා හැන්දෑවේ ගෙදර ආවම මේ මනුස්සයා හේතුවක් නැතුව මට කුණු බල්ලා කිව්වම මට තරහා ගිහින් දෙකක් ඇන්නා’’ ඔහු කීවේ නිදහසට හේතු වශයෙනි.
‘‘අනේ රාලහාමි, එදා හවස ගේ ඇතුළට දෙසැරයක්ම කුණු බල්ලෙක් ආවා. මම දොර වැහුවේ ඒකයි. හැන්දෑවේ දොරට තට්ටු කළාම මම හිතුවේ අර කුණු බල්ලා ආයේ ඇවිත් කියලයි. මම පුතාට කිව්වා ඔන්න පුතේ ආයෙත් කුණු බල්ලා ඇවිත් කියලා. මේ මනුස්සය ඇවිත් හිටියේ බීගෙන. දොර ඇරපු ගමන් මගේ ඔළුවටයි මූණටයි ගහගෙන ගහගෙන ගියා නේද පුතේ.’’ කී විට දරුවා ද හිස ඉහළට පහළට සෙලවූයේ බියෙනි.
කරුණු තේරුම් ගත් පොලිස් නිලධාරියා, තිදෙනාම පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ විට සිිහිබුද්ධියෙන් වැඩ කරන්නැයි කියා ඔවුන් සමඟි කොට ගෙදර යැවුවාලූ.

