කොන්දොස්තර බලෙන් ටිකට් පරීක්ෂක පට්ටම අරන්


පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවයට අයත් බසය පසුගියදා මරදාන බස් නැවතුම්පොළේ නැවැත්වීය. ”පුංචි බොරැල්ල, බොරැල්ල, නාරාහේන්පිට, කොන්දොස්තර යටිගිරියෙන් කෑ ගැසීය.” බසයට ගොඩවීමට පැමිණි මඟීන්ට, ”සල්ලි දීලා නඟින්න යැයි ඔහු පැවැසුවේ ආඥාදායකුගේ විලාශයෙනි.”
පිටුපස දොර අසළ රැඳී සිටි කොන්දොස්තර මුදල් රැගෙන සෑම මඟියකුටම ටිකට්පතක් නිකුත් කළේය. බසය පිටත්වන විට පැමිණි හෙතෙම ඉදිරිපස දොරින් ගොඩවූ මඟීන්ගෙන්ද මුදල් අය කරගෙන ටිකට් පතක් නිකුත් කිරීමට තරම් කාරුණික විය. බසය බොරැල්ලට ළඟාවී නැවත ධාවනය ආරම්භ වූ අවස්ථාවේදී ”කට්ටිය ඔක්කොම ටිකට් ළඟ තියාගන්න” දැන් ටිකට් චෙක් කරන්නැයි හදන්නේ යනුවෙන් බසය තුළින් හඬක් ඇසිණි. ටිකට් පරීක්ෂකවරුන් පැමිණ ඇතැයි සිතූ මඟීහු තම ටිකට්පත් අතට ගත්හ. ටිකට් පත් පරීක්ෂා කරමින් පැමිණෙන බසයේ කොන්දොස්තර දුටු ඔවුහු මවිතයට පත්වූහ. ”කෝ අම්මේ ටිකට් එක” කොන්දොස්තර වැඩිහිටි කාන්තාවකගෙන් විමසීය. ඇය ටිකට් පත පෙන්වන ලද අතර පාසල් ළමයකු වෙත පැමිණි හෙතෙම ඔහුගේ ටිකට් පතද පරීක්ෂා කර බැලීය. කොන්දොස්තර තමාට සැක හිතෙන අයවලූන්ගේ පමණක් ප‍්‍රවේශපත‍්‍ර පරීක්ෂා කිරීමට පටන් ගත්තේ ටිකට් පරීක්ෂකයකු ටිකට් පරීක්ෂා කරන පරිද්දෙනි. ”මෙයා නම් මං හිතන්නේ ගිය ආත්මේ ටිකට් චෙකර් කෙනෙක් වෙන්නැති” රියදුරා ඔහු අසල රැඳී සිටි මගියකුට පැවැසීය.