කොන්දේ අමාරුවට තුවාල බෙහෙත් ගාලා


රජයේ රෝහල්වල පස්වරු හය දක්වා රෝගීන් පරීක්‍ෂා කරනු ලබන අතර දිනක් රෝගියෙක් තම කොන්දේ අමාරුවට ප‍්‍රතිකාර ගැනීම සඳහා සතියේ දිනක සවස පහයි තිහට පමණ රෝහලට ගියේය.
නම හා වයස පවසා තුණ්ඩුවක් ලබාගත් ඔහු රෝගීන් පරීක්‍ෂා කරන ස්ථානයට ගියවිට රෝගීන් කිසිවකුත් දක්නට නොලැබුණි. සාත්තු සේවිකාවක් රෝගියාට වෛද්‍යවරුන් සිටිනා කාමරය පෙන්නුවාය. කාමරය තුළට පිවිසි රෝගියාට මේස දෙකක වාඩිවි සිටි වෛද්‍යවරියන් දෙදෙනකු අල්ලාප සල්ලාපයේ යේදී සිටිනු දක්නට ලැබුණි.
වෙනත් රෝගීන් නොමැති නිසා තම අසනීපයත් බාධාවකින් තොරව පැවසිය හැකි යැයි සිතමින් රෝගියා සතුටට පත්විය. වෛද්‍යවරියක් වාඩිවෙන්න යැයි අතින් සංඥා කළවිට ඔහු වාඩි වු අතර මොකක්ද අමාරුව වෛද්‍යවරිය ඇසුවාය. නෝනා මගේ කොන්ද කකියනවා යැයි පැවසු රෝගියා තම කොන්ද පෙන්නුවත් වෛද්‍යවරිය බෙහෙත් ලියා අවසන්කර තිබුණි. තුවාලෙටත් බෙහෙත් දාගන්න වෛද්‍යවරිය පැවසුවාය. මොන තුවාලෙටද? රෝගියා විමතියෙන් ඇසූ අතර ඔය අතේ තියෙන්නේ වෛද්‍ය වරිය කුඩා ප්ලාස්ටරයකින් ආවරණය කරන ලද රෝගියාගේ දකුණුත පෙන්නුවාය.
ඒක සනීප වෙච්ච එකක් යැයි පැවසූ රෝගියා බෙහෙත් තුණ්ඩුවද රැගෙන කාමරයෙන් පිටතට පැමිණියේ කලකිරුණු සිතකිනි. කොළඹට නුදුරු රෝහලකින් මෙය අසන්නට ලැබුණි.