(තිහගොඩ - උපසේන ලියනගම)
දේශපාලනයට දැඩි රුචිකත්වයක් දැක්වූ ඔහු පසුගියදා සිය බිරිය සමඟ ප‍්‍රදේශයේ පැවති රැුස්වීමකට ගියේ ඇයටත් එම දේශපාලන ගමන් මග ගැන අවබෝධයක් දෙන්නටය.
එහෙත් බිරියගේ අකමැත්ත මත ගමන ප‍්‍රමාද වූවත් ඇය කෙසේ හෝ කැඳවාගෙන යාමට ඔහු සමත් විය.
වෙනදා වේදිකාව අසලම සිට මේ කතා අසා සිටියත් ප‍්‍රමාදය නිසා තරමක් පසුපස සිට ඔහු වේදිකාවේ කථිකයාගේ දෙසුමට වශීවී සිටියේය. මෙහොතකින් ඉදිරිපස ඉඩක් දුටු ඔහු ‘යමු ඉස්සරහට’ කියා බිරියගේ අතින් ඇල්ලූවේ කථිකයාගේ මන මෝහන කතාවට සවන් දෙන අතරමය.
‘පිස්සුද..?’ අසලින් ආ කාන්තා කටහඬෙන් මවිතයට පත් ඔහු ඒ දෙස බලනවිට දුටුවේ තමා අතින් අල්ලා ගත්තේ වෙනත් කාන්තාවකගේ බවය. බිරිය අසලක වත් නොවීය.
සෙනඟ අතරින් රිංගා ගෙන ගොස් මේ ගැටුමෙන් නිදහස් වුවත් රැුස්වීම අවසාන වන තුරුවත් බිරිය සොයා ගැනීමට බැරි වුණාලූ.

