කතකට කරදර කළාට කෝච්චි පාරේ පයින් දඬුවමක්


දුම්රියේදී කාන්තාවකට අඩන්තේට්ටම් කළැයි කියන පුද්ගලයකු දුම්රියෙන් බැස්සවීමට මගීහු කටයුතු කළහ. කොළඹ කොටුව සිට මීරිගම දක්වා ගමන් ගන්නා දුම්රියට දෙමටගොඩින් ගොඩවූ මැදිවියේ කාන්තාවකට එම දුම්රිය ස්ථානයේ සිටම හිරිහැර කරමින් පැමිණි අවුරුදු 35ක පමණ පුද්ගලයකු එම කාන්තාවගේ ශරීරය ස්පර්ශ කරමින් ඇය අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කර ඇත. වල්පොළ දුම්රියපොළ ආසන්නයේදී එම කාන්තාව පත්ව ඇති අපහසුතාව දුටු වෙනත් මගිියකු ඒ ගැන විමසූ විට කාන්තාව පැවසුවේ එම පුද්ගලයා තමාට හිරිහැර කරන බවයි. පසුව දුම්රිය මැදිරියේ සිටි මගීහු මීරිගම බලා ගමන්ගන්නා එම මගියා වල්පොළ හා බටුවත්ත දුම්රිය ස්ථාන අතරදී දුම්රිය හදිසියේ නතර කළ අවස්ථාවේදී ඔහු එම ස්ථානයෙන් බස්සන ලදී.